ග්‍රාම නිළධාරි වසමේ ලියාපදිංචි නොවු ජංගම වෙළෙන්දොත් දැන් ගම් අස්සේ ? ඊට වගකියන්නේ කව්ද ?

0
111
Fresh and organic vegetables at farmers market in Sri lanka

Fresh and organic vegetables at farmers market in Sri lanka

( 1.00 pm ) මිගමුවේ මෙන්ම ඕනැම ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයක අදාල ග්‍රාම නිළධාරි කොට්ටාශයට ඒ ඒ භාණ්ඩ වර්ග බෙදාහැරිම සදහා නිසි ලෙසින් ලියාපදිංචි වු ජංගම බෙදාහරින්නෝ සිටිති.
ඒ අයව තෝරාගෙන ඇතැයි සිතිය හැක්කේ කිසියම් නිර්ණායක වලට අනුව විය යුුතුය.තතු එසේව තිබියදි මිගමුවේ මෙන්ම අනෙක් පළාත්වල ගම් අස්සේ මේ දිනවල සැරිසරණ නානාප්‍රකාර ජංගම වෙළදුන් හිතු මිළගණන් යටතේ බඩු විකුණති.
එපමණක් නොව ඒ අයගේ භාණ්ඩවල ප්‍රමිතිය ගැනද ගැටළු මතුව තිබේ.
අදාල ග්‍රාම නිළධාරි වසමට අයත් ලියාපදිංචි බෙදාහරින්නෙකු විසින් කිසියම් අකටයුත්තක් සිදුකරන්නේ නම් ආදාල රථයේ අංකයද සමගින් පැමිණිලි කිරිමටද හැකියාවක් තිබේ.
එහෙත් එසේ නොවන දිනපතා යන එන මේ ජංගම වෙළදුන් සම්බන්ධවෙන් විමසිම් කරන්නේ කව්ද ? පොලිසියද ? අදාල ග්‍රාම නිලධාරිවරයාද ?
මේ ගැන විමසන්නට පමා වැඩිවුවද ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ප්‍රගති සමාලෝචන රැස්විම් වලදි මේ කරුණ ගැනද අවධානය යොමුකළ යුතුව තිබේ.