ග්‍රාම සේවා වසම් 45 ක පිපාසය නිවන ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට …

0
124

   (12.25 pm) හිටපු ජලසම්පාද හා ජලප්‍රවහන අමාත්‍ය වත්මන් ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග රාජ්‍ය අමත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුලලේ මහත්මියගේ සංකල්පයකට අනුව 2018 වසරේ දී ආරම්භ කරන ලද කටාන ජල ව්‍යප්‍රෘතිය ජනතා අයිතියට පත් කිරිම අද 22 ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානක්කාර අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් කටාන දෙමන්හන්දිය වැඩභාර නිළධාරි කාර්යාලයේදී නිල උත්සවය පැවැත් උනි
මෙම අවස්ථාවට අමාත්‍ය නාලක ගොඩහේවා අමාත්‍ය නිමල් ලන්සා සහ ජනතා නියොජිතයින් ඇතුළු රාජ්‍ය නිළධිරින් පිරිසක් සහභාගි විය
 මෙම ජල ව්‍යාප්‍රෘතියය යටතේ ග්‍රාමසේවා වසම් 45ක් කලාප 3 කට ඛෙදා ඒ යටතේ කටාන උතුරල කටාන මධ්‍යමල සහ කටාන දකුණල වෂයෙන් මුළු දිග කි මි 240 වන පරිදි ජලය ඛෙදා හැරිෙමි පද්දති 3ක් යටතේ ලක්ෂවයක අධික ජනතාවට ආරක්ෂිත පානීය ජලය සැපයීම සිදු කෙරේ

ඒ සදහා ප්‍රධාන වශයෙන් කැළණි ගගේ ජලය කැළණිය දකුණු ඉවුර ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද ජල පවිත්‍රාගාරය මගින් පිරිසිදු කොට එය කටාන දකුණල කටාන මධ්‍යමල ප්‍රදේශ සදහා මාඔයේ ජලය බම්බුකුලිය ජල පවිත්‍රගාරය මගින් පිරිසිදු කොට කටාන උතුර ප්‍රදේශය සදහා ඛෙදා හරිනු ඇත
මෙම සැම කලාපයක් සදහාම ඝන මිටර් 2000 කින් යුත් ජල කුළුණු 3ක් තිබිරිගස්කටුවල ආඩිඅම්බලමල සහ බම්බුකුලියල ප්‍රදේශයේ ඉදි කර ඇති අතර එයට සම්බන්ද ප්‍රධාන නල පද්ධතියද පොම්පාගාරයන්ද කටාන මධ්‍යම ප්‍රදේශය සදහා මිගමුව සෝන්ඩර්ස් පෙදේස කටාන දකුණ සදහා කටුනායක 18 කණුව ප්‍රදේශයේද කටාන උතුර සදහා බම්බුකුලිය ප්‍රදේශයේද භුගත ජලශයක් කටාන දකුණ ප්‍රදේශයේ ඉදිකොට ඇත

පියපේම මාණික්කරත්න