ගැටළු රැසක් සමග පොරබදින තෙප්පම් ධීවරයා සාමුහික අරගලයකට සූදානම් ….

0
446

වැල්ලවීදිය තෙප්පම් ධීවරයා අවස්ථා ගණනාවකදී ලතමන්ට මතුවූ විවිධ ප්‍රශ්ණ අරභයා විසඳුමක් සඳහා බලධාරීන්ගේ පිහිට පැතූ නමුත් සියල්ල ගඟට කපන ලද ඉනි මෙන් විය. විශේෂයෙන් ඔවුන්ගේ ප්‍රශ්ණ වෙනුවෙන් මැදිහත්වන ධීවර කාර්‍යාලයේ වගකිවයුතු නිලධාරීන් වුවද තමන් ගැන කිසිදු සැළකිල්ලක් නොදක්වන බව ඔවුන්ගේ අදහසයි.
පසුගිය කාලය තුළ කොටුදැල් ප්‍රශ්ණය , මුහුදේ දමාගිය අපද්‍රව්‍ය ආදිය නිසා දැල් ඉරීයාම, නිතර නිතර ගල්වල පැටලීම නිසා දැල් ඉරීයාම අාදී ගැටළු රැසක් මත පීඩාවට ලක්ව සිටි නමුත් බලධාරීන්ගේ අවධානය යොමු නොවූ හෙයින් ඒ ගැන සිහිපත් කරන්නේ දැඩි කලකිරීමකිනි. ස්වභාවික ආපදා මෙන්ම , මිනිස් ක්‍රියාකාරකම් නිසා මතුවන ගැටළු රැසක් කෙරෙහි අවධානය දෙන තෙප්පම් ධීවරයා ඉදිරියේදී මේ සඳහා යම් පියවරක් ගැනීමට අදහස් කරති .
මේ අරමුණ සාර්ථක කර ගැනීම සඳහා අනෙකුත් ධීවර ජන කොටස් සමගද එකතු වීමට ඔවුන් අදහස් කරති. මේ සඳහා අපගේ සහයෝගය දක්වන අතර ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට ශක්තිය සහ ධෛර්යය පතමු.
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here