ගැටුම අවසන් !මිගමු වැල්ලේ මාළු කඩේ අද සිට විවෘතයි!

0
902

දින ⁣2කක් පුරා වසා දමා තිබුන මිගමු වැල්ලේ මාළු කඩය අද සිට විවෘත කර තිබේ.කුඩා පරිමාන ධිවරයන්ද දින 2 කක් මුහුදු නොගොස් විරෝධතාවයක් අරඹා තිබුනේ මිගමු වැල්ලේ අයිස් දැමු කුඩා වර්ගවල මසුන් විකිණිමට ඇතැම් වෙළදුන් කටයුතු කරමින් තිබිම ගැනය

wp 1704944297227
wp 1704944297249
wp 1704944297108

මිගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුර බණ්ඩාරගේද මැදිහත්විමෙන් ඊයේ පෙරවරුවේ දෙපාර්ශවයේම සහභාත්වයෙන් පැවති විශේෂ සාකච්ජාවකදි ප්‍රශ්ණය සමථයකට පත්කරගැනිමට හැකිව තිබුණි.

wp 1705044536298

මේ අනුව අයිස් මාළු විකුණන අය විසින් සාලයන් පමණක් අලෙවිය සදහා රැගෙන ඒමට තිරණය වි තිබේ.එමෙන්ම බහුල වශයෙන් මිගමුවේ ධිවරයන්ට සාලයන් අසුවන කාලයේදි අයිස් කළ සාලයන් පවා වැල්ලට ගෙන ඒමද සිමා කරන ලෙස ධිවරයන් විසින් ඉල්ලා ඇතැයි වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here