ගැට කැපූ තරුණියක් අත්අඩංගුවට

0
330
20161102_180812
සැකකාරිය විසින් ගන්නා ලද උපකරණ පොලීසිය විසින් පරික්ෂාවට ලක් කරන අයුරු

කටුනායක ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර තුරදී  සොරකමේ  යෙදුණ අවුරුදූ 17 ක තරුණියක්ව කටුනායක පොලීසිය නොවැම්බර් 02 වනදා  අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කර තිබේ.
ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ කරුණු වලට අනුව මෙම තරුණිය  සති අන්ත නිවාඩු දිනයන් හි විවිධ පුද්ගලයින් ගැවසෙන ස්ථාන වලට ගොස් ගැටකපන රැකියාෙවි නියලී රුපියල් කෝටි ණනක් උපයා ඇත.  කටුනායක ප‍්‍රදේශයේ රෙදි පිලි අලවි සැලක භාණ්ඩ  ගනිමින් සිටි කාන්තාවකගේ අත් බැග්ගය නැතිවීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් කරන ලද පරික්ෂණ වලදී සැක පිට මෙම  කාන්තාව අත් අඩංගුවට ගෙන කරන ලද ප‍්‍රශ්ණ කිරිෙමිදී දැනට වසරකට පෙර කටුනායක ඇගළුම් හලක සේවයට පැමිණ ඇති අතර දිනක් යහළුවන් සමග මිගමුව රාති‍්‍ර පොලට ගොස් එහිදී අහඹු ලෙස කාන්තාවකගේ අත් බැගයක තිබි මුදල් පසිම්බුවක් හෙර රහසේ රැගෙන බොඩිමට පැමිණ බැලු පසු එහි තිබි රුපියල් පනස් දහසක මුදලක් නිබු බවත් එදින සිට සැම  සති අන්තයකම මිගමුව රාති‍්‍ර පොලට හෝ විවිධ පුද්ගලයින් වැඩියෙන් ගැවසෙන නැන්වලට ගොස් කාන්තාවන්ගේ පර්ස් ගන්නා බවත් එම මුදල් වලින් සුපිරි වෙළද සැල්වලට ගොස් භාණ්ඩ මිළදී ගන්නා බවත්  සුපිරි හොටල්වලට ගොස් කෑම කන  බවත් පොලීසියට පැවසු බව කටුනායක පොලීසියේ පොලිස් නිළධාරිවරයෙකු පැවසීය.
සැක කාර තරුණිය තාවකාලික නැවතී සිටි කාමරය පොලීසිය විසින් පරික්ෂවට ලක් කිරිෙමිදී  රුපියල් පනස් පන්දහසක් වටිනා ජංගම දූරකථන 4ක් කාන්තා පර්ස් 35ක්  බැංකු පෙර ගෙවුම් කාඩි පත් 8 ජාතික හැදූනුමි පත් 11  එහි තිබි අත් අඩංගුවට ගත් බව කාන්තා පොලිස් නිළධාරි ශානික මහත්මිය පැවසීය.
සිද්ධිය  සම්බන්දයෙන් මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයලාල් දසනායක මහතාගේ උප දෙස් මත කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක පි‍්‍රයන්න ඒකකනායක අපරාධ අංශයේ ස්ථාතාධිපනි පොලිස් පරික්ෂක සමන් පි‍්‍රයංක පො කො 76336 රංග 72387 වසන්ත 37928 වන්නිනායක කා පො කො 2417 ශානිකා යන නිළධාරින් විසින් මෙම වැටලීම සිදූකර ඇත
මෙම කාන්නාව කටුනායක පොලිසිය විසින් නොවැම්බර් 02 වනදා  අඩංගුවට ගෙන ඊයේ (03) මිගමුව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රත් රුචිර වැලිවත්ත මහතා නියොග කලේය
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හල්පිටිය කාන්දම්කුලිය කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 17 හැවරදි කාන්තාවකි.


ඡායාරූප සහ මූලාශ්‍ර – ප්‍රියපේම මාණික්කරත්න /surupee@gmail.com
01