ගැබිණි මව්වරුන්ගේ ජිවිත අවදානම…

0
292

එජාප නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ තිරාණාත්මක අභියෝගයක් රට හමුවේ මෙන්ම වත්මන් රජය හමුවේ තැබිය.
එනම් ජිවිතද ? ආර්ථිකයද ? යනුවෙනි .එයට අනුව ජිවිත සුරකිම මුල්කොට ගත් කොරෝනා කළමණාකරණ ප්‍රවේශයක් පිළිබදව අභියෝගයක් දැන් රජය වෙත පැහැදිලිව එල්ල වි තිබේ
මේ අතර නිදහස් වෙළද කලාපයේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින රෙඩ් සංවිධානය කම්කරු ඇමති වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ පුද්ගලික අංශයේ ගර්භණි මව්වරුන් මේ කාලය තුල සේවයට නොකැදවන ලෙසය.

පවතින කොවිඩ් අවදානම සලකා බලා තත්ත්වය සමනය වනතුරු පෞද්ගලික අංශයේ ගර්භණී මවුවරුන්ද සේවයට නොකැදවන ලෙස ඉල්ලා RED සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත යොමු කරන ලද ලිපිය.