ගැමි සුවද හදුනාගත් නිහඩ කලාකරුවා

0
180

 

නිහල් 1අගුරුකාර  මුල්ල   පංසල  පාරේ  විද්‍යාලංකාර  විද්‍යාලය  අසල  සුදු
පැහැති  දිග  කොන්ඩයක්  සහ  රැවුලක්  ඇති  කුඩා  මිනිසෙක්  නිතර  දැක
ඇති  නමුත්  ඔහු  පිළිබදව  කිසිවක්  අප එකල  දැන සිටියේ  නැත.  කලකට
පසුව  ඔහු  මීගමුවේ   කලාකරුවන්  අතර  සිටින  දක්ෂ  කලාකරුවෙකු  බවත් ,
ඔහුගේ   පවුලේ  සියළුදෙනා  විවිධ  කලා  හැකියාවන්  ඇති  අය  බවත්  දැන
ගන්නට  ලැබින.  පසුව  අවස්ථා  ගනනාවකදී  හමුවී  තවතවත්  සමීපව  නිතර
ඇසුරු  කිරීමට  ඉඩකඩ  ලැබුනු  අතර  ඔහු  නමින්  නිහාල් ද  සිල්වා  නම්
විය. ඒ අනුව  හදුනාගත්  මේ කලාකරුවාගේ ජීවිතය  පිළිබදව  තොරතුරු  බිදක්
දැන ගැනීමේ  අටියෙන්   එක්  සැන්දෑවක  එම  නිවසට  ගොඩවුනේ   නිදහස්ව
කතාබහ  කිරීමට  බොහෝ  දේ   ඔහු  සතුව  තිබුනු  බැවිනි.
සුන්දර සිනහවක්
මුවතුළ  රදවා ගත්  නිහාල්  අයියා  අප සමග   තම  කලා  ජීවිතයේ  රසමුසු
තැන්  ගැන   කෙටි  කතාබහක  යෙදුනේ  මෙසේය.
මුලින්ම  ඔබේ  කලා  පසුබිමත්  සමග  පවුලේ  විස්තර  ටිකක්   කිව්වොත්….
මම  ඩබ්ලිව්  නිහාල්  ආනන්ද  සිල්වා.   මගේ බිරිද  හේමකාන්ති  පතිරාගී.
ඇය  හරිශ්චන්ද්‍ර මහ  විද්‍යාලයේ  සංගීතය  පිළිබදව  උප  ගුරුවරියක්  ලෙස
සේවය  කළා. දැන්  විශ්‍රාමිකයි. මගෙ  දුව  ශෂි  මධුකා  ද  සිල්වා .  ඇය
කැළණිය  විශ්ව  විද්‍යාලයේ  B A  සහ   M A  උපාධිධාරිණියක්  වගේම
හරිශ්චන්ද්‍ර  මහ  විද්‍යාලයේ  නැටුම්  ගුරුවරියක්. ඇයට  සිටින  පුතා
භූපති  දුර්විෂ්  සිගේරා  වයස  අවුරුදු  5  ½  යි.  එයා  යන්නෙ  ළදරු
පාසැලකට.  එයා  පහතරට  සහ  උඩරට  නැටුම්  කලාවන්  සදහා  සහතික , සම්මාන
රාසියක්  ලැබුවා. තම්මැට්ටම  වාදනයටත්  දක්ෂයි.  දුවගෙ  මහත්තය   පොලිස්
නර්තන  කංඩායමේ  නර්තන  ශිල්පියෙක්. මගෙ  තාත්තා  ගනේන්ද්‍ර  රත්නදසිල්වා
කලාවට  ලැදි   දොස්තර  වරයෙක්. අම්ම  සුදර්මා  චන්ද්‍රලීලා  ජයසිංහ .
මේ  තමයි  මගේ  පවුලේ  විස්තර.නිහාල් 2
ඔබ  කලාවට  යොමුවුනේ   කොහොමද?
ඉස්සර  මට  වයස  අවුරුදු  12දි  විතර   අපි  පොඩි  අය  එකතුවෙල පොඩි
සංගීත  සැන්දෑවල් පවත්වනව. අපි  කොලකෑලි  වලින්  රු. 5  ,  10  ටිකට්
වගේ  පැන්සලෙන්  ලියල හදල  කට්ටියට   දෙනව. ඒකාලෙ  අපේ  ගෙවල්වල  තිබුනෙ
පැට්‍රල්  මැක්ස්.  ඒ  එලියෙන්  තමයි  මේ  සැන්දෑවල්   පැවැත්වුවෙ.
සිංදු  කෑලි ,නැටුම්, නාට්‍ය  සමහර වෙලාවට  මේව  එකට  මිශ්‍ර  කරල  එක එක
අයිටම්  පෙන්නුව. පස්සෙ  අවුරුදු  18දි  වගේ  මල්වත්තෙ  පල්ලියෙ  ල.
ක්‍රි. වි. ළමා  සංවිධානෙට  සම්බන්ධවුනා  යාළුවෙකුගෙ  මාර්ගයෙන්.  එතනදි
නාට්‍ය  අංශෙ  කටයුතු  කළේ  මම.  ඉන්  පස්සෙ  කම්කරු  සෙවනෙ  නාට්‍ය
වැඩමුළු  වලට  සම්බන්ධ වුනා  වගේම  විජිත  ගුනරත්න  වැනි  ප්‍රවීන
අයගෙන්  ඉගෙනීමට  ලැබීම  ලොකු  දෙයක්.  ඇන්ටන්  මිහිදුකුළ  තමයි
සංවිධානය  කළේ. ඇන්ටන්ගෙ  ධාරණ  වීදි  නාට්‍ය  කංඩායමෙත්  මම  හිටිය.
තම්මි  කාදිනල්  කුරේ  මධ්‍යස්ථානෙ   පවත්වාගෙන  ගිය  සතිස්චන්ද්‍ර
එදිරිසිංහ  මහතා  විසින්  මෙහෙයවපු  සතිස්චන්ද්‍ර  සංස්කෘතික  සංසදයට
සම්බන්ධ  වෙල  පුහුනුවක්  ලබන්නට  හැකි  වෙනව.  මීගමුවෙ   විවිධ
කලාකරුවන්  මේ  සදහා  සහභාගි  වෙනව.  1982  දි  විතර  අත්තනගල්ල
සංස්කෘතික  සංගමයට  සම්බන්ධ  වෙනව.  එතනදි  සුසිලා  කෝට්ටගේ , සුමනා
ගෝමස් ,  සුනිල් ශ්‍රි   වැනි  කලා  කාරයො  රැසක්  හමුවෙනව.  ඊට  අමතරව
Teleview   ( Television  Traning  Institue  Acting  Course) 6  මාසික
පුහුණු  වැඩමුළුවක  පුහුණුවක්  ලබනව.  මේ  සියළු  දේවල්  එක්ක  තමයි
කලාවට  බැස්සෙ.නිහාල්3 2

ඔබේ ‘’ කොරියාවේ විල්බා”, “ අවුරුදු  තෑග්ග”   D V D  චිත්‍රපටි  සදහා
ඔබ  සොයා ගත්ත  ආධුනික  නළුනිළියන්  තමයි  රංගනයට  දායක  කරගෙන
තියෙන්නෙ.  ඒ තුළ  දේශපාලන  අදහසකුත්,  අපි  දකින  කොරියාව   වැනි
මුඩුක්කු  ජීවිතයේ  හරස්  කඩකුත්  නිරූපනය  වෙනව .  ඒගැන  ඔබේ  අදහස
කුමක්ද?
සාමාන්‍යෙයන්  දේශපාලනයේදි  දේශපාලකය  මිනිස්සුන්ව  රවට්ටල  තමයි  ඡන්දෙ
දිනල  බලය  ගන්නෙ.  මෙතෙන්දි  මිනිස්සු  දේශපාලකයව  රවට්ටනව.  මිනිස්සු
ඒකට  පුරුදුවෙල  ඉන්නෙ. තෝරගත්ත  චරිත  ගැන  කියනවනම්  මටතිබෙන
සම්බන්ධකම්  හරහා  ඒ  නළුනිළියන්ව  අදාල  චරිත  වලට  තෝරගත්ත.
අඩුවියදමකින් මෙම  නිර්මාණ අවසන්  කිරීම  ගැන මට  තියෙන්නෙ  ලොකු
සතුටක්.  මේගැන  සරල ලෙස  කිව්වොත්  සමහරු      ඇදුම  මහල  ඒකට  හරියන
පුද්ගලයව(චරිතෙ)  හොයනව. මම  පුද්ගලයව  හොයාගෙන  පස්සෙ ඒ  අනුව  ඇදුම
හදාගන්නව. එතකොට  මිම්ම වරදින්නෙ නෑ. ජනප්‍රිය  අය  දාගෙන  මේ  වැඩේ
කරන්න  ගියොත් සහ මේකප්  කරගෙන සාමාන්‍යයෙන්  කරන  විදිහට  කරානම් මට
කරන්න  ලැබෙන්නෙ නෑ.   මොකද හැම  වෙලාවෙම  අදාල  චරිතෙ එකම  විදිහට
තියාගන්න  එපායැ.  ඒවට  විශාල  වියදමක්  යනව. නමුත්  අදාල  පුද්ගලයව  තෝර
ගත්තහම කිසිම  මේකප්  එකක් නැතිව  අදාල  දේ  ඉබේම  සිද්ධ  වෙනව.
අද  නාට්‍ය  කලාවට  ප්‍රේක්ෂක  අඩුවක්  නැතිනම්  අර්බුධයක්  තියෙනව  නේද?
පවතින  ආර්ථිකයේ  ස්වභාවය  මත  ටිකට්  එකක් මිලදී  ගන්නවත්  බැරි
තත්වයකදි  ඕක  තමයි  වෙන්නෙ. ඒ  නිසාම  නාට්‍යකරුවෙකුට  තමන්ගෙ  නාට්‍ය
පවත්වාගෙන  යාමේ  අපහසුතාවයක්  තියෙනවා.   අනික  වර්තමාන  පරපුර  තාක්ෂණය
පැත්තට  යොමුවෙල. වෙනත්  පැතිවලින්  රසය  හොයන  නිසාත්,  නාට්‍ය
හැදෙන්නෙත්  ඒකට  අනුව  ප්‍රේක්ෂකයින්ට  ගෙදරගෙනියන්න  යමක්  ඒ
නාට්‍යවලින්  දෙන්නෙ  නෑ.
මීගමුවෙ  කලාකාරයින්ගෙ  තත්වය  සහ  ඔබේ  නාට්‍යකරණයේ  තත්වය  ගැන  යමක්  කිව්වොත්.
අපේ  කට්ටියගෙ  එකමුතුවක්  නෑ.  කකුලෙන්  අදින එකනම්  තියෙනව.  මම  මුදලට
කලාව  පාවදුන්නෙ  නෑ.යම්තම්  මගේ  අතේ  තියෙන  විදිහට  සංවිධානය  වෙල
නාට්‍ය  කළා.  වේදිකාවෙ  පසුතලය  අඩු  වියදමකින්  කරල  නාට්‍යක්
නිර්මාණය  කිරීම  සෑහෙන  භාරදූර  කටයුත්තක්. මම මීගමුවෙ  රුක්මණිදේවි
රංග  ශාලාවෙ නට්‍ය  කරන  කාලෙ  නාට්‍ය අවසානයේදි  නළුනිළියන්ට  ගෙවීම්
කරල  ,  ට්‍රාන්ස්පෝට් දීල  ලැබිච්ච  ලියුම්  කවර  හූරල  වියදම්  කරල ,
වේදිකාව  පසුතල  නිර්මාණ  ත්‍රිවිලයක  දාගෙන  අතේ  සතයක්  නැතිව  ගෙදරට
ආපු  දවස්  අනන්තයි.  නමුත්  මම  තෘප්තිමත්වුනා .  කලාව  වෙනුවෙන්
නිර්මාණකරණයේ  යෙදුනු නිසාත්,  බොහෝ  අයවගේ  මුදලට  පමණක්  මුල්  තැන
නොදුන්  නිසාත්,  මට  සතුටින්   දිගටම  කලාව  වෙනුවෙන්  යෙදෙන්න  පුළුවන්
වූනා.  නමුත්  මගේ  හැකියාවන්ගෙන්   නිර්මාණකරුවන්  වැඩක්  නොගත්තබවයි
මගෙ  හැගීම.  මේ  තත්වයන්  මෙසේ  තිබියදී  සම්මාන  රැසක්  ලබන්නට  මට
හැකිවුනා. ඒ එක්කම  නාට්‍ය  25ක්, වෙදිකා  නාට්‍ය18ක්, ටෙලිනාට්‍ය  10ක්
සහ  චිත්‍රපටි  6කට  දායකවෙන්න  අවස්ථාව  ලැබුන.  එසේම  ස්වතන්ත්‍ර
නාට්‍ය  7ක් කළා.   මම අවසානයට  කළේ  හොද නරක  කැත මිනිස්සු  කියන
නාට්‍ය.   ඒ  එක්කම  මම  ලබපු අත්දකීම්  මත  D V D චත්‍රපටි  4ක්  කළා.
මේ  ළගකදි  කෝපි  කඩේ  ටෙලි  නාට්‍ය  සදහාත්  සහභාගි  වුනා.
නාට්‍ය  හැරුනු විට  ඔබේ  සමාජමය  සහ  අනෙකත්  කටයුතු  ගැන  යමක්  කිව්වොත්…
මම  එක්  වකවානුවක  දේශපාලනයට  සම්බන්ධවෙලත්  හිටිය.  ඒවගේම  වෘතතීය
සමීතිවල  නායකයෙක්  හැටියටත්  කටයුතු  කළා.  ගම්පහ  සංස්කෘතික  බල
මංඩලයේ උප ලේකම්  සහ මීගමුව  සංස්කෘතික  බලමංඩලයේ  උප ලේකම්  ලෙස  කටයුතු
කළා.  ස. න. ස  අවුරුදු  12ක්  සභාපති  ලෙස  කටයුතු  කළා. මම විශේෂයෙන්
අන්තර් ආගමික  සහජීවන  කමිටුවට  සම්බන්ධවෙල  අවුරුදු  2 ½ ක්   පමණ  වෙනව
,  තාමත්  බොහොම  සතුටින්  ඒ  කටයුතු  කරනව.   ඒකෙ  අත්දැකීම්  හරි
වැදගත්.  අපි  යාපනේ,  කිලිනොච්චි,  වවුනියා, අනුරාධපුර,  මැදවච්චි  යන
ප්‍රෙද්ශවලට  ගිහිල්ල  අනෙකුත්  ආගමික  බැතිමතුන්  සමග  වැඩකළා. ඒ
අදහසුත්  හරි  වැදගත්. මිනිස්සු  අතර  දුරස්වීමක්  තියෙන්නෙ  එකිනෙකා
අතර  තේරුම්  ගැනීම  අඩු  නිසයි.  මගෙ  අදහසක්  තියෙනව  කවදහරි  දවසක
මුදල් ටිකක්  ලැබුනොත්  මේ  අන්තර්  ආගමික  සහජීවනය  සම්බන්ධව  නාට්‍යක්
කරන්න.
ඔබේ  ඉදිරි  අරමුණ  කොහොමද?
.මම  බලාපොරොත්තු  වෙනව  5වෙනි  D V D  චිත්‍රපටියත්  කරන්න. නමුත්  මට
තියෙන   එක  සිහිනයක්  තමයි  හොද  කැමරාවක්    ගන්නව  කියන  එක.  එහෙම
ලැබුනොත්  මට  මීට වඩා  ගොඩක්  දේවල්  කරන්න  පුළුවන්.  ඒ  වගේම   නාට්‍ය
අංශෙ  සම්බන්ධයෙනුත්  යමක්  කළ යුතුයි.  ඉදිරියේදි  මේ  සදහා  සහ
දරුවන්ට  මේ  පිළිබදව  පුහුණුව සදහා රංගන පාසැලක්  මීගමුවෙ  ආරම්භ  කළා.
මේ  මාසෙ (ජුලි)  28  වෙනිදා  යක්කඩුවෙ  තවත්  එකක්  ආරම්භ  කරනවා.
මේවනවිට  නාට්‍ය  සදහා “ අපි මිතුරෝ ඩ්‍රාමා ගෲප් “   කියල  නාට්‍ය කලාවේ
ඉදිරි  ගමන  සදහා  වූ  සංවිධානයක්  ගොඩ  නගල  තියෙනව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here