ගැඹුරු අවපීඩන තත්වය කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට අනාවැකියක්

0
44

1512027241-cyclonic-storm-imegary

කොළඹට බටහිරට කිලෝමීටර 300ක් පමණ ඈතින් මේ වන විට ස්ථානගතවී ඇති ගැඹූරු අවපීඩන තත්වයඉදිරි පැය කිහිපය තුල සුලි කුණාටුක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.නමුත් මේ වන විට ඇති තත්වය අනුව එම සුලි කුණාටුව දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මේ හේතුවෙන් අද දිනයේදී දිවයිනේ දකුණු හා බටහිර ප්‍රදේශවල ඉතා තද වැසි හා තද සුලං බලාපොරොත්තු විය හැකි බව පවසන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ සුලගේ වේගය පැයට කිලෝමීටර 60 – 70ක් පමණ විය හැකි බවයි.එලෙසම ඉතා ඉක්මනින් සුලගේ වේගයේ වෙනස්කම් සිදුවිය හැකි නිසා අද දිනයේදී හා හෙට දිනයේදීත් මුහුදු යාම ඉතා අවදානම් බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඒ අනුව මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය ඇතැම් අවස්ථාවන් වල පැයට කිලෝමීටර 90 -100ත් අතර දක්වා වැඩිවිය හැකි බවත් ඔවුන් පවසනවා.

ඒ අතරම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකියන්ට අනුව දකුණ,සබරගමුව,මධ්‍යම,ඌව හා බස්නාහිර යන පළාත්වලට 100-150mm පමණ වන දැඩි වැසි ඇති වනු අැති.

කෙසේ හෝ මේ දිනවල පවතින අවදානම් කාලගුණික තත්වය පිලිබදව නිරතුරුව අවදානයෙන් සිටින ලෙසත් කාලගුණවිද්‍යා දෙපාරත්මේන්තුවෙන් නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.