ගෑණුන්ගේ රෙදි ගැලවෙන තෙක් බලාහිදින වෙබ් සයිට්

0
94

ප්‍රසිද්ධ ගායිකා ටෝනි  බ්‍රැක්ස්ටන්ට Toni Braxton ගායනයෙන් හා රංගනයෙන් සිය ප්‍රේක්ෂකයන් පිනවමින් සිටින අවස්ථාවකදී  ගේ ඇය හැද සිටින ඇඳුම ගැලවෙන අවස්ථාවක ඡායාරූප සහ වීඩියෝ පටයක් ‘  ලංකා ඩේ ‘ http://www.lankaday.com ලෙස නම්කර ඇති වෙබ් අඩවියක් විසින් උපුටාගෙන ඇත.
එම විඩියෝව නරඹන විට පෙනීයන්නේ යම් වැරදීමකින් ඇය හැද සිටි සරල හා සිනිදු වස්ත්‍රාභරණය ඇගේ සිරුරෙන් ගිලිහී යමින් තිබෙන අවස්ථාවක වරින් වර ඇගේ ආරක්ෂකයන් පැමිණ එම ඇදුම සකසන ආකාරයයි. පසුව ඇය විසින් වේදිකාවට ආරාධනා කරන ප්‍රේක්ෂකයන් සමග ඇය නරතනයේ යෙදෙන අතර එක් ප්‍රේක්ෂකයෙකු ඔහුගේ කෝට් එක ටෝනි  බ්‍රැක්ස්ටන්ට අන්දවයි.  පසුව ඇගේ උඩුඇදුම සංවිධාකයින් විසින් ගලවාගෙන යන අතර මෙය ඇගේ ගායනයට බාධාවක් නොකරගෙන ඇය දිගටම ගායනයේ යෙදෙයි. ඇගේ ප්‍රේක්ෂකයන් ද  මෙම සිදුවීම රසවිදීමට බාධාවක් කරගන්නා බවක් නොෙපෙනන අතර , බටහිර සංස්කෘතියේ ඇති සාමාන්‍ය තත්ත්වයක් ලෙස එම සිදුවීම සාමාන්‍ය ලෙස නිමවෙයි.
එම වීඩියෝවට ලැබී අැති ප්‍රතිචාර දෙස බලන විට එහි දඇගේ ඇදුම ගැලවීම ගැන කිසිදු වචනයක් කවුරුන් හෝ සදහන් කර නොමැති අතර ඇයට ආදරය කරන රසිකයන් ඔවුන්ගේ ආදරය හා ඇගේ රුව හා ගායනය ගැන වර්ණනා කරමින් ඇයට සුබ පතා ඇත.
මේ සිදුවූ වැරදීම සිය වෙබ් අඩවිය ප්‍රචාරය කරවා ගැනීම වෙනුවෙන් පාවිච්චි කරන ලංකා ඩේ එකට මෙය මහත්
අකරතැබ්බයකි. ඇත්තෙන්ම බලන විට ටෝනි  බ්‍රැක්ස්ටන්ගේ ඇදුම වේදිකාවේදී ගැලවීම කිසිවෙකුත් ප්‍රශ්නයක් නොවන අතර ඇත්තටම ඇයගේ රෙදි ගලවන්නේ ‘ ලංකා ඩේ’ වෙබ් අඩවියයි.
ලංකාව තුළ නිරුවත පිළිබද ඇති සංස්කෘතිමය පිළිගැනීම අදහස් වෙනස් වුවත් , තමන්ගේ වෙබ් අඩවි ජනප්‍රිය කරගැනීමට ජනප්‍රිය ස්ත්‍රීන්ගේ රෙදි ගැලවෙන තුරු බලාහිදීමද ලැජ්ජා විය යුතු කාරණයක් නොවන්නේ ද ?
මෙම වෙබ් අඩවියේ ඇති නිව්ස් අතරින් භාගයක් කාන්තාවන්ගේ නිරුවත ගැන හෝ ගණිකාවන් ගැන ඔපදුප වලින් පිරි ඇත. ඇත්තටම ස්ත්‍රියගේ නිරුවත විකුණන්නේ ‘ ලංකා ඩේ’ වෙබ් අඩවියයි.
Screenshot from 2015-01-10 13:55:20

https://www.youtube.com/watch?v=pX__PKWVSh4#t=708

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here