ගෑස් අර්බුද මැද අළුත් ගෑස් සමාගමක් !

0
93

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර ඒ හරහා LP ගෑස් නිෂ්පාදනය කර තරගකාරී මිල ගණන් යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය සුදානම් වෙමින් තිබෙන බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. මෙම තිරණය පසුගිය දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ බව තීරණය වී ඇති බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ LP ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්‍රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබාදෙයි.

බලශක්ති අමාත්‍යාංශය විසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේම ඉදිකිරීමට මේ වනවිට මූලික කටයුතු ආරම්භ කර ඇති අතර එම තෙල් පිරිපහදුව ඉදිකිරීමෙන් අනතුරුව දේශීය ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසා තිබේ.

මේ අතර යෝෂිත රාජපක්ෂ විසින් නව ගෑස් සමාගමක් ආරම්භ කිරිමට යන බවට පුවතක්ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
එහෙත් යෝෂිත රාජපක්ෂ නෙත් ගොසිප් වෙබ් අඩවියට පවසා තිබුනේ නව ගෑස් සමාගමක් ගැන ඔහුගේ නම ඇදාගෙන යන පළවන පුවත් සත්‍යයෙන් තොර බවය.