

මිගමුව ජනඅරගල බිමේ නියෝජිතයන් පිරිසක් ඊයේ දිනයේ මිගමුව ප්‍රදේශිය ලේකම් වරිය හමුවි තිබුනේ දැනට මිගමුවේ ජනතාව මුහුණ දි සිටින සුවිශේෂි ගැටළු ගණනාවක් පිලිවෙලට සාකච්ඡා කිරිම සඳහාය.
දිනෙන් ඉහල යන ජිවන වියදම සහ භාණ්ඩ හා සේවා හිඟය සහ එයට ලබාදිය හැකි විසදුම් මෙන්ම ඇතැම් කරුණු සම්බන්ධයෙන් විධිමත් ප්‍රයෝගික වැඩසටහන් සකස් කිරිමේ අවශ්‍යතාවය ගැන ද සාකච්ඡා කර තිබුණි.
විශේෂයෙන්ම ගෑස් බෙදාහැරිම සඳහා නුතන තාක්ෂණයද යොදාගනිමින් වැඩපිලිවෙලක් කඩිනමින් නිර්මාණය කරන ලෙසද අරගලකරුවෝ ඉල්ලා සිටියහ.