ගෑස් වැඩිමිළට වික්කොත් පැමිණිලි කරන්න ! මෙන්න අංකය 1977

0
106
1571880064-gas_Lපාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව ප්‍රකාශයට පත් කොට තිබේ.
වැඩි මිලට ගෑස් විකුණු වෙළෙඳුන් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා පැවසීය.
වැඩි මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන්නන් සම්බන්ධයෙන් පැමිණිලි කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දී තිබේ.
1977 කෙටි දුරකතන අංකයට එම පැමිණිලි ගොනු කළ හැකි බව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.
ගෑස් සමාගම් පවසන ආකාරයට මේ වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය දින කිහිපයකින් මගහැරී යනු ඇති බවට විශ්වාස කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here