තුරුලතා ආඥා පනතින් ලංකාවෙන් වඳ විගෙන යන ශාඛයක් ලෙස හඳුනාගෙන විනාශ කිරිමට තහනම් කර සංරක්ෂිත ශාඛයක් ලෙස නම් කර ඇති ගිංඔය දෙපස ඇති ගිංපොල් ශාඛය දිනෙන් දිනම විනාශ කරමින් සිටින බව පරිසර සංවිධාන හා පරිසරයට ආදරය කරන ජනතාව පෙන්වා දෙති වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හරහා ගලා බසින ගිංඔය ඉවුරු දෙපස සිටින පෞද්ගලික ඉඩම් හිමියන් මෙන්ම ව්‍යාපාරිකයන් විවිධ ගොඩනැගිලි ඉදිකිරිමට මෙන්ම පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් කිසිදු සොයා බැලිමකින් තොරව හිතුමනාපේ මෙම වටිනා ගිංපොල් ශාඛය විනාශ කරලීමට කටයුතු කරමින් සිටින බව ඔවුන් පවසති මෙම වටිනා සංරක්ෂිත ගිංපොල් ශාඛය විනාශ කරලීම පිළිබඳව වගකිවයුතු ආයතනවලට දැනුම් දුන්නත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ගිංඔය ඉවුරු දෙපස එම ගොඩනැගිලි ඉදිකිරිමට අනුමැතිය ලබාදීමට කටයුතු කරන නිළධාරින්ට මෙම විනාශය නොපෙනීම විමතියට කරුණක් බව පරිසර සංවිධාන පවසයි විශේශයෙන් වෙන්නප්පුව ලුණුවිල නයිනමඩම හා බෝලවත්ත යන ප්‍රදේශවලදි ගිංපොල් ශාඛයට විශාල හානියක් කරමින් ගිංඔය ඉවුරු දෙපස විවිධාකාරයේ ගොඩනැගිලි ඉදිකරමින් සිටිම වලක්වාගත නොහැකි වුවහොත් අනාගතයේදි මෙම ශාඛය ප්‍රදේශයෙන් මෙන්ම ලංකාවෙන්ම දැකගත නොහැකි වනු ඇති බව පරිසරයට ආදරය කරන ජනතාව පෙන්වා දෙති මේ පිළිබඳව විමසීමේදි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් යු සුජීවා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසීය අපි දැනටමත් මද්යම පරිසර අධිකාරිය හා එක්ව මෙම ගිංඔය දෙපස සංවේදි කලාපයක් ලෙස නම් කරන ගැසට් එකක් හදමින් ඉන්නේ එතකොට ඔය කියන ගොඩාක් ගැටළු අඩුවේවි දැනටත් ගිංඔය ඉවුරේ සිට අඩි 60 ක සීමාව තුල කිසිම ඉදි කිරිමක් කිරිම තහනම් ඔය ගිංපොල් ශාඛය විනාශ කරමින් කර තිබෙන ඉදි කිරිම් ගැන අපි සොයලා බලලා පියවර ගන්නම්.මෙම ජායාරූප වලින් දැක්වෙන්නේ එම ගිංපොල් ශාඛය විනාශ කරමින් ඉදිකිරිම් කර ඇති අකාරයයි
චන්දන ප්‍රනාන්දු