ගිනි සහතිකේ දෙන්න පගාව ඉල්ලලා …..????

0
52

bribery1මීගමුව දේශපාලකයන් මාටියා ගසන්නේ යම් සේද එහි නිලධාරින් බොහොමයක්ද එසේම කරන්නට පුරුදු වි සිටිති.
මෙහි අරුමය වන්නේ මේ ගසා කෑම් ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ටම ඇතැම් අවස්ථාවල කියන්නට සිදුව තිබිමයි.
වරක් බස්නාහිර පළාත් සභා ඇමැති  නිමල් ලංසා මහතා විසින්ද මේ අතැමුන් වෙත පවසා තිබුනේ මහජනයා තලාපෙලා මාටියා ගැසිම සිමා කරන ලෙසය.
පසුගිය දා පැවැති කාර්මාන්ත කාරක සභා රැස්විමේදිද මේ ඇතැම් නිළධාරින් ප්‍රසිද්ධියේ පගා ඉල්ලිම ගැන සාකච්ජාවට ලක් කර ඇති බව වාර්ථා වේ.
මීගමුව  හෝටලයකට අදාලව  ගිනි සහතිකයක්  නිකුත් කිරිමට අදාලව එහි උසස් නිළධාරියෙකු රු 6500 ක පගාවක් ඉල්ලා ඇතැයි අප අමතා කථා කළ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාධරයෙක් පවසා සිටියේය.
හොරුන් ගුරුන් වන කල්හි ගෝලයෝ ඇවිද ඇවිද තැන නොතැන මුත්‍රා කරන්නට පටන් ගෙන ඇති බව මෙවන් නිලධාරින් කඩේ යවා වැඩකරගන්නා ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරු කල්පනා කළයුතුව ඇත.