ගුණරත්න ඇමති පොරොන්දු ඉටුකරයිද??

0
122

depo 1මීගමුවේ බස් ඩිපෝවේ කම්කරුවන් වෙත මාස තුනක වැටුප් නොලැබිම නිසා බරපතල අර්බුදයකට මුහුණ දි ඇති කම්කරුවන් පසුගිය දිනවල සිය හිඟ වැටුප් ලබාගැනිම වෙනවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹ තිබිණි.
එහෙත් ප්‍රදේශයේ දේශපාලකයන්ට අවැසිව තිබුනේ කෙසේ හෝ ඩිපෝවෙන් බස් ධාවනය වන තත්වයක් කෙසේ හෝ නිර්මාණය කර ගැනිමටය.
මේ සදහ අද දිනයේ මට්ටකුලිය ඩිපෝවෙන් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ද කැදවා තිබුණේ අද සිට කෙසේ හෝ බස් ධාවනය කරන්නටය.
මේ පිළිදව වෘත්තිය සමිති හා පැවති සාකච්ජා වලදි සරත් ගුණරත්න ඇමතිවරයා පොරොන්දු වි ඇත්තේ කෙසේ හෝ හිඟ වැටුප් ලබාදිමට වැඩපිළිවෙලක් යොදවන බවය.
එහෙත් එවන් පොරොන්දු පිළිබදව විශ්වාස නොකළ සේවකයන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය නවතා දමන්නට මැළි වුහ.
මේ නිසා  බස්රථ ධාවනය සදහා යෙදවිම ක්‍රියාත්මක කරගෙන යාමට මට්ටක්කුලිය ඩිපෝවෙන් ගෙන ආ සේවකයන්ට සිදුව තිබුණි.
පසුව අකමැත්තෙන් මෙන් මීගමුවේ ඩිපෝවේ සේවකයන් යළි සේවයට වාර්ථා කර තිබුණද ඒ අය අසන පැනය වන්නේ ධීවරයන් සදහා ඉන්ධන සහනධාරය පවා හරියට ක්‍රියාත්මක කරගෙන යාමට නොහැකි තත්වයකදි ගුණරත්න ඇමතිවරයා ලංගම අර්බුදය විසන්නේ කෙසේද යනුෙවනි.