ගුරුගේ කලපුව වනසයිද ??

0
70

ගුරුගේ නම් වු ව්‍යාපාරිකයා මීගමුව කලපුව සිය ව්‍යාපාරික සංචාරක සිහිනය සැබැ කරගැනිමට උපරිම අයුරින් යොදා ගැනිමට සියළු උත්සාහ දරමින් සිටින බව අප දැනටමත් අපේ පාඨකයන් දැනවත් කර ඇත්තෙමු.

දැන් එය දිනෙන්  දින සනාථ වෙන්නට පටන්ගෙනය.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් සහ මීගමුව පරිසර පොලිසිය විසින් ඊයේ දහවල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කලපුව හරහා ඇල මාර්ගයක් කපමින් සිටියදිය.එමෙන්ම කඩොලාන ද කපා විනාශ කර තිබේ.

කුට්ටිකාඩුව නම් වු දුපතේ මේ ඇල මාර්ගය කපමින් සිට ඇත.කිංගස් අයියලන් යන නම් තබා ගෙන  හෝටල් ඉදිකර බෝට්ටු සවාරි ඇතුළු තවත් බොහෝ දැ  අලෙවි කිරිම ගුරුගේ සිහිනයයි.

මේ සියළු ව්‍යපෘති සදහා මීගමුවේ  දේශපාලකයෙකුගේ පුර්ණ සහය දැනටමත් ලැබි ඇතැයි සැලය.

මීගමුව මහනගර සභාවෙ මන්ත්‍රින්ගේ වර්ෂ පුර්ණ සංගිත සැදෑව සංවිධානය කර තිබුනේ ගුරුගේ ගේ සාදර අනුග්‍රහයෙනි.