ගුරුවරිය දණ ගැස්සවූ මන්ත්‍රීගේ ඡායාරූප ගසාගෙන ඡන්ද සටනේ

0
92

indexනවගත්තේගම නවෝද්‍යා මහ විද්‍යාලයේ ගුරුවරියක දණ ගැස්ස වීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි  හිටපු වයඹ පලාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් මහතාගේ ඥාතී පුත්‍රයෙකු වයඹ පළාත් සභාවට තරග වදින අතර මේ දිනවල ඔහුගේ ජන්ද පෝස්ටරයක් පුත්තලම් දිස්ත්‍රික්කය පුරා ඇලවී තිබේ. එම පෝස්ටරයේ විශාලතම  ඡායාරූපය වන්නේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් වන අතර ජන්දය ඉලලන පුද්ගලයාගේ පුංචි ඡායාරූපයක් පසෙකින් දිස්වේ.මේ  පෝස්ටරයට අනුව ඡන්දය ඉල්ලන්නේ කවුද යන්න මොලේ ඇති ඡන්ද දායකයාට  වැටහේ. ජනතාව ප්‍රතික්ෂෞප කරන මෙවැනි පුද්ගලයින් ට බලය දීමට ද කැමති පිරිසක් සිටිති.  මෙවැනි  ක්‍රියා මගින් සන්ධාන රජයේ දේශපාලන සදාචාරය  මේ ආකාරයට යුක්තිය බලාපොරොත්තු වන ජනතාව සමග ක්‍රීඩාවක යෙදෙනු මේ වයඹ මැතිවරණයේදී මොනවට පැහැදිලිවෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here