ගුරුවරුන්ට වැදගත් වේවි…..

0
94

samsung_mobile_reuters_336

( 11.55 AM ) ඉස්කෝලත් නිවාඩු දීලා නිසා දැන් ගුරුවරු බොහෝමයක් whatsapp groups හදාගෙන උගන්නන්න වෙන මහන්සිය මම දැක්කා. ඔන්න Telegram ඇප් එකෙන් අද අලුත් ෆීචර් එකක් හඳුන්වා දුන්නා ගෲප්ස් හදාගෙන උගන්වන ගුරුවරුන් වෙනුවෙන්. මේක අලුත් Quiz මොඩ් එකක් ගුරුවරුන්ට පුළුවන් මේක යොදාගෙන බහුවරණ ප්‍රශ්න හදන්න විශේෂත්වය තමයි ප්‍රශ්න වලට උත්තර දෙන කෙනා වැරදි උත්තරේ සිලෙක්ට් කළොත් ඒක වැරදියි කියලා පෙන්නනවා. හරි උත්තරේ දුන්නොත් ඒ උත්තරේ සම්බන්ධව අමතර තොරතුරු පෙන්නන විදිහට හදන්න පුළුවන් . මීට අමතරව ටයිම් එකක් තියන්නත් පුළුවන්.

Telegram කියන්නේ whatsapp වගේම මැසෙන්ජර් ඇප් (android,ios store වලින් ගන්න පුළුවන්) එකක් හැබැයි ඊට වඩා ගොඩක් ෆීචර්ස් තියෙනවා.

* ගෲප් එකකට උපරිම ලක්ෂ 2 දක්වා මෙම්බර්ස්ලා ඈඩ් කරන්න පුළුවන්

* උපරිම 1.5Gb දක්වා ධාරිතාවකින් යුතු ෆයිල්ස් අප්ලෝඩ් කරන්න පුළුවන්

* පරිගණකයටත් වෙනම ඇප් එකක් තියෙනවා එකම account එක ෆෝන් එකෙයි පරිගණකයෙයි දෙකේම යූස් කරන්න පුළුවන් ඒකට ෆෝන් එකේ ඩේටා ඔන් කරලා තියන්න ඕනි නෑ

* cloud based නිසා Group එකක දාපු දෙයක් වුණත් අලුතෙන් ජොයින් වෙන අයට වුණත් ඒවා බලන්න පුළුවන් එකම දේ ආයේ ආයේ අප්ලෝඩ් කරන්න ඕනි නෑ

* තමන්ගේ ෆයිල්ස් අප්ලෝඩ් කරලා තියා ගන්න පුළුවන් Unlimited cloud storage එකකුත් හම්බ වෙනවා.

මම මෙහි සඳහන් කළේ කිහිපයක් විතරයි තව වටින කියන දේවල් ගොඩක් තියෙනවා.

(Whatsapp වල දුක් විඳින ගුරු වරුන්ගේ ඇස ගැටේවා!)
copied.

(සුමේධ අප්පුහාමිගේ මුහුණු පොතෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here