ගුරු මාරුවක් නිසා දළුපත ප්‍රාථමික විදුහලේ දෙමාපියන් කණස්සල්නේ?

0
89

දළුපත   ප්‍රාමික  විදුහලේ  5 වසරට  මෙතෙක්   4 වසරේ  සිටි  එහි  පංති භාර  ගුරුවරයාවු   මහින්ද  සරත්කුමාර  මහතාව  හදිසියේ   මාරුකිරීම   නිසා  දෙමාපියන්  කනස්සල්ලට  පත්වී  සිටිති.  ඒවෙනුවට   වෙනත් පාසැලක  දෙමළ  විෂය   උගන්වන  ගුරුමහත්මියක්   මෙම 4 වසර  පංතියට   පත්කර ඇතිඅතර  ඇයට  නිසිලෙස  එම  දරුවන්ගේ    ඉගෙනීම්  කටයුතු  කළ නොහැකි බව  දෙමාපියන්ගේ චෝදනාවයි.
මහින්ද   මහතා  3වසරේ සිට  තම දරුවන්ගේ  හැකියාවන්  සහ  නොහැකියාවන්  හදුනාගනිමින් ල සවස  පංතිද  පවත්වමින්   හොදින්  අධයාපන   කටයුතු  සිදුකළ   අතර  මෙම අලුත් පත්වීම නිසා     නිසා   දරුවන්ගේ   පළමු   වාරයේ  අධයාපන  කටයුතු  කඩාකප්පල්  වන  නිසා  මීගමුව  අධයාපන කාර්යාලයට  ගොස්  ඒ  ගැන  විමසා  ඇති අතර    මෙහිදී   අධ්‍යාපන  කාර්යාලයෙන්   පවසා  ඇත්තේ  ගුරුහිග‍යක්   තිබෙන  නිසා  එවැනි  මාරුවක්  කළ බවයිග නමුත්  ඒ පෙබරවාරි  15  දක්වා  පමණක්  වන  තාවකාලික   පත්කිරීමක්  බව  ඹවුන්  පවසා  ඇතග  නමුත්  දෙමාපියන්  ඉල්ලා සිටින්නේ  ඉතා  ඉක්මනින්  4 වසර  ගුරුවරයා  දරුවන්  වෙනුවෙන්  නැවත  ලබාදෙන  ලෙසය.


අනෝමා දල්පදාදු – දළුපත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here