ගුරු විදුහල්පති සටනට අවමන් කරපු ලංසා !

0
99

නිමල් ලංසා කියන්නේ ඇත්තටම තාත්තාගේ කාන්තා බලඇණිවලද පිහිටෙන් එදා මිගමුව මහනගර සභාවට පත්වුන කෙනෙක්. පස්සෙ එයා ‌ගොඩයන්නේ එයාගේ මුලු ඇග පුරාම තියෙන උපයෝගිතාවාදි අවස්ථාවාදයේ පිහිටෙන්. මුලින්ම ජෙයරාජ්ට හේත්තු වන ලංසා එයාගේ සුවච කිකරු ගෝලයෙක් වෙලා give and take හරහා දේශපාලනයේ දුරගමනක් යන්න අඩිතාලම් දාගන්නව. ජෙයාරාජව දේශපාලන කුමන්ත්‍රණයකින්ම ගම්පහ දේශපාලන පොළවෙන්ම අතුරුදන් කරල දැම්මට පස්සේ ඒ තැනට ආදේශවුන රාජපක්ෂ පවුලේ බැසිල් පැත්තට සුටුස් ගාල පනිනවා . එහෙම පැන්නේ නිමල් ලංසාට දේශපාලනය කරන්න උදව්කරපු ජෙයරාජ් පවුල දේශපාලනිකවම අසරණ තත්වයකට පත්වෙලා තිබුන පසුබිමක.
එදා ඉදන් බැසිල් රාජපක්ෂ සිය දේශපාලන හාම්පුතා කරගත් ලංසාල රටපුරා පාරවල් හදල ප්‍රකෝටිපතියන් වෙනවා. හැබැයි සල්ලි තිබුන මොලේ සල්ලි වලට ගන්න බැ කියල ලංසා කට ඇරපු හැම වෙලාවකම ලෙසටම ඔප්පු වෙනවා.
පහුගිය දවසක නිමල් ලංසා ගුරු විදුහල්පති සටනේ නායකයන්ට ගරහන්න ගිහින් හොදම කිච වුනේ අලුත් වෛරස් එකක් ගැනත් කියන්න ගිහින්.
රාජපක්ෂ පවුල වෙනුවෙන් කියවන විට ලිවිමට උපන් හපන් පුත්‍රයා තමයි ලංසා කියලම ඔප්පු වෙනන්නේ පාර්ලිමේන්තුවේදි විතරක් නෙමෙයි මයික් ඉස්සරහත් රගන්න ගිහින් වෙන දේවල් දිහා බලන කොට තමයි.
හැබැයි මේ කුණු කථා සේරම චැනල් වල ගහල දෙන්න අතදිහ හැරලා කටයුතු කරන අයට අතදිගහැරලම කාසිත් ලැබෙනව ඇති කියල තමයි දැන් ප්‍රසිද්ධම රහස …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here