ගුරු වෘත්තියේ 60 වෙනි කඩුළුව පැනගත් භාග්‍යවන්තිය

0
169

පාසැල් ජීවිතයෙන් ඈත්වී වසර ගණනාවකට පසු මීගමුවේ අල්හිලාල් මධ්‍ය මහා විද්‍යාලයේ කාර්යාලයට දිනක් ගොඩවුණෙමි.
නිල තල කාර්්‍ය බහුලව ඇතත්  අසුනෙන් නැගිටවිත්  සිනාමුසු මුහුනින් සලාම් වැනි පැතුම් දී මා පිළිගෙන වාරු නැති මාව වාඩි කරවා පැසසුම් කරන්න පටන් ගත්තේ මෙසේය. ඈ නැගිට ආ ස්ථානයේ  උප විදුහල්පතිනි එෆ්. සිහාරා ’යාවුදීන් මිය , යනුවෙන් නිල නාම පුවරුව දිස්විය.
‘‘ ටීචර් ෟ ඔබ කලින් කල අපිව ඉදිරියට ඇවිත්  කටයුතු කිරීමට දිරිගැන්වූවා. එලෙස මග පෙන්වූ නිසයි අද මේ තත්ත්වය විඳ දැරීමට මට හේතු සාධක වූයේ , ඒ  බව අමතක වුණේ නැහැ. ’’ ඈ නිහතමානීව පැසසුම් කළාය.

ඇය එම්.එච්. ලාෆිර් මහතා සහ ඒ.වී උම්මු රසීනා මියගේ 03 වෙනි දැරිවිය වන්නීය. සහෝදරවරු දෙදෙනෙක් හා සහෝදරියක් සිටිති. වැඩිමහල් සහෝදරයෙක් එතෙර විශේෂ ළමා වෛද්‍යවරයෙක් ලෙස සේවය කරයි. සිහාරා සියාවුදීන් මහත්මියගේ ස්වාමි පුරුෂයා එම්.අයි.එන් සියාවුදීන් මහතා වේ. ඔවුන් හට දරු සම්පත වන්නේ පුතෙකු හා දියෙණියෙකුයි.
පුංචි ලස්සන මුව පැටික්කියෙකු වැනි කාලයේ සිට ඇයව දනිමි. හුරුබුහුටි දගකාර කෙල්ල ඉගෙනීමට දක්ෂකම පෙන්නුවාය.  ජේ්‍යෂ්ට පන්තියේ සිටින විට ගුරු හිග අවස්ථා වල පහල පන්ති වලට ඉගැන්වීමෙන් දායක වීමට සමත් වූවාය. පුංචි කාලයේ  සරඹ ප‍්‍රසංග කලා අංශ වලට සහභාගී වූවාය.
මෙසේ කල් යන විට 1971-9-2 දී මීගමුවේ අල්හිලාල් මහා විද්‍යාලයට  ඇයගේ පළමු පත්වීම  විය. ටික කලකින්  1972 -7-4 දී කම්මල්තුරෙයි මහා විද්‍යාලයේ සේවය කරන්නට වූවාය.
එහි සිට 1973 දී පලාලි ගුරු විද්‍යාලයට  ගොස් ගුරු පුහුණුව අවසන් වුණාට පසුව අල්හිලාල් මධ්‍ය මහා
විද්‍යාලයේ ගණිත ගුරුවරියක ලෙසට 1975 ජනවාරි මස 01 වනදා සිට නැවත සේවය කරන්නට වූවාය. එතැන් සිට මෙම වසරේ මැයි මස දක්වා වැල නොකැඞී එකම ස්තානයක නිවී සැනසිල්ලේ සේවය කරන්න පිලිවන් විය.
ඉගැන්වීම් කටයුතු පමණක්  නොව උප විදුහල්පතිනිය වශයෙන් පාසලේ පරිපාලන ක්ෂේත‍්‍රයේ 1998 වර්ෂයේ සිට නිරතවීමට භාග්‍යය ලැබුණේය. කේසේ නමුත් ගුරු වෘත්තියේ  සම්පූර්ණ සේවය ලබාදී වයස 60 පිරෙනවාත් සමගම මෙම වසරේ මැයි මාසයේ සිට විශ‍්‍රාම සුවය ලබන්න සූදානම් වූවාය.  ඇයගේ වෙන්වීම විදුහල්පති එම්.එම්.එම් ගස්සාලි මහතා ඇතුලූ ගුරු මණ්ඩලයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට  ඉමහත් පාඩුවක් වෙයි.
ඔබේ කාලයේ අමතක නොවන සිද්ධියක් කියන්න යැයි  ඇසූ කල,
‘‘විදුහල්පති නැති අවස්ථාවක මම වැඩ බලමින් සිටිද්දී පන්ති ගුරු භවතුන් නැති වෙලාව ප‍්‍රයෝජනයට ගනිමින් ඉහල පන්ති දෙකේ ශිෂ්‍යයන රණ්ඩු වී ඇත. ටිකකින් එක් ශිෂයාවෙකුගේ පියෙක් අනවසරයෙන් පන්තියට ගොඩවී අනෙක් ශිෂ්‍යයාට කම්මුලට ගසා ඇත. පාසල් පරිපාලකවරුන් සමග තර්ක වී ඇත. පහරට ලක්වූ දරුවාගේ පියා  පොලීසියේ සහය පතා ඇත. පසුදින පොලීසියෙන් පැමිණ පියවරුන් කැදවා පරීකෂණයක් පවත්වා අවසානයේ පහරදුන් පියාට අවවාද කළේය. තවද‘‘මේ අය සමාදානෙන් සමාව දෙන නිසා අත්අඩංගුවට නොගෙන ඔබ බේරුනේ යැයි සිතන්න.’’ කියා පොලීසියෙන් කීහ.‘‘මේ සිද්ධිය මෙසේ දික්නොවී කෙළවර වීම මට කවමදාටමවත්  අමතක නොවන්නේය. ..’’ මෙසේ ඇයගේ අමතක නොවන සිද්ධිය මතක් කරමින් අපේ කෙටි හමුවීම අවසන් කළාය. සංග‍්‍රහයෙන් පසු සමුගත්තෙමු.

කේ.ඒ රහීම්