ගුවන් යානා ප්‍රමාදය ලාංකිකයන්ගේ රැකියා සිහිනය බොඳ කරයිද ?

0
349

පැය 10ක ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමට සිටි ශ්‍රමිකයින් 48 දෙනෙකුට විදේශගත වීමේ අවස්ථාව අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.u

දකුණු කොරියාවේ ඉචිගොන් බලා ඊයේ (23) රාත්‍රී 8.05ට ගුවන් ගත වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 470 දරණ ගුවන් යානය පැය 10ක කාලයක් ප්‍රමාද වීම මීට හේතු වී තිබේ.

පසුගිය කාලය තුල දිගින් දිගටම ශ්‍රිලංකන් ගුවන් සේවය දිගු ප්‍රමාදයන් ඇතුව තිබුනි.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, නියමිත දිනට පිටත් නොවීම හේතුවන් අදාළ ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමට ලක් වී ඇති බවය.‍‍