ගුවන් සේවිකාවට උණුවතුර ප්‍රහාරයක් ?යානය ආපසු හරවයි..?

0
56

air asiaචීන ජාතික  මගී කාන්තාවක් ගුවන් යානයක ගුවන් සේවිකාවක් වෙත උණු වතුර  විසිකිරිමෙන්  පසු ඇතිවු කළබලකාරි තත්වය හෙතුවෙන් තායිලන්තයේ දොන් මියොන්  ගුවන් තොටුපළ වෙත යානයක් ආපසු ගොඩ බස්සවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.තායිලන්තයට අයත් එයාර් එෂියා ගුවන් යානයක් මෙසේ මේ අකරතැබ්බයට මුහුණ පා ඇත.
එම කාන්තාව සහ ඇගේ  පිරිමි සහකරුවා අතර ඇතිව තිබුන බහින්බස් විමක් මෙන්ම ඔවුන් විසින් කලින් වෙන්කරන්නට යෙදුන යාබද අසුන් ඔවුන් වෙත ලබා නොදිම යන කරුණු මත ඇතිව තිබු  මේ කලහකාරි තත්වය ගුවන් සේවිකාවක් වෙත පහර එල්ලකිරිම දක්වා දුරදිග ගොස් තිබේ.
කෙසේ වෙතත් අදාල ගුවන් සේවිකාව  ඔවුන්ට යාබද අසුන් සොයා දි ඇති නමුත් මෙම යුවලගේ කලහකාරි බව ඉන් නැවති නැත.
චින කාන්තාව විසින් රාත්‍රි ආහාරයට ක්ෂණික නූඩ්ල්ස් එකක් පිළියෙල කරගැනිමට යැයි කියා  උණුවතුර ඉල්ලා පසුව ඒ උණු වතුර ගුවන් සේවිකාවගේ මුහුණට විසිකර ඇත.
නැවත හරවා පැමිණ යානය ගොඩබැස්සවිමෙන් පසුව අදාල යුවල පොලිස්භාරයට පත් කර තිබුණි. පසුව චින කත විසින් අදාල ගුවන් සේවිකාව වෙත වන්දියක් ගෙවා ගැටුම සමතයකට පත්කරගෙන ඇත
මේ අතර චීනයෙන් ලැබෙන වාර්ථා අතර සදහන් වන්නේ විදෙස් ගමන්වලදි චින ජාතිකයන් හැසිරිය යුතු අන්දම ගැන පිටු 64 කින් යුත් අත්පොතක්ද චිනය සංචාරක ඒජන්සියක් මගින් පළකර ඇති බවය.
(freemalaysiatoday.com ඇසුරිනි)