ගෙදර නෑවිත් මෝචරියෙන් අවසන් ගමන් ගිය අම්මා…

0
85

මේ අනුවේදනීය පුවත පමාවී හෝ අන් අය හා බෙදා ගතයුතු යැයි හැඟුනේ ඉන් අප තුල ඇතිවිය හැකි කම්පනයට එහා ගිය යමක් අප වෙත තබාවි යැයි හැෙඟන නිසාවෙනි.
මීට මාස කිපයකට ඉහතදි අප පුවත්පතේ තුෂාරගෙන් ලැබුන දුරකථන ඇමතුමකින් කියැවුනේ දළුවකොටුව ප්‍රදේශයේදි කාන්තාවක දුම්රියක හැපි මියගොස් ඇති බවය.
ඇය මේ පළාතේ කෙනෙක් නොවන බවද අසල්වාසින් පැවසු බවද දන්වා සිටියේය.එය වෙබ් අඩවියේ පළකරන්නට තරම් පුවතක් නොවුන නිසා අප ඒ ගැන එතරම් උනන්දුවක් නොදැක්විමු.
සති මාස ගණන් ගෙවුණි.
එක් දිනක් රාත්‍රියක මට දුරකථන ඇමතුමක් ලැබුණි.ඉන් කියැවුනේ හද කම්පා කරවන පුවතකි.
”මහත්තයෝ අපේ ගෙවල් ලග හරිම ශෝචනිය සිද්ධියක වෙලා. මම දැන් ඒ ගෙදර තිබුන දානෙට ගිහින් ආපු ගමන් මේ කථා කරන්නේ…ඒ ගෙදර දුවල තුන්දෙනෙක් ඉන්නවා. අම්මා කාලෙක ඉදන් ආගිය අතක් නෑ කියල මෙයාල හැමෝම හැමතැනම හොයල.නැතිවුණ කෙනාගේ මල්ලි කෙනෙකුත් මීගමුවේ මෝචරියටත් ගිහින් බලල තියෙනවා.නමුත් කිසිම තොරතුරක් දැනගන්න ලැබිල නෑ.”..
ඔහු සියළු විස්තර මට එසේ පවසා සිටිෙය්ය.
දළුවකොටුවේදි දුම්රියට හැපි මිය ගිය කාන්තාව හදුනාගැනිමට ඉඩක් නොවුයෙන් එම දේහය මීගමුව රෝහලේ මෝචරියේ තැන්පත් කර ඇත.සති ගණනක් ගෙවුන පසු රෝහල් බළධාරින්ද පොලිසියද හදුනානොගත් මළ සිරැරු භූමදානය කිරිමේදි අනුගමනය කරනු ලබන සියළු ක්‍රියාමාර්ග ගැනිමෙන් පසු රජයේ වියදමෙන් වලදා තිබුණි.
වලදැමිමට පෙර ගනු ලැබු ජායාරූප මීගමුව පොලිසියේ තිබුනේය. පසුව පවුලේ දියණියන් විසින් මේ ජායාරූපයේ තමන්ගේ මව ඇද සිටි ඇදුමේ පාටවලින් ඒ තමන්ගේ මව යැයි හදුනාගෙන ඇත.
මිය ගිය තැනැත්තියගේ සහෝදරයෙක් මොචරියටද ගොස් එහි වු මෘත දේහ පරික්ෂා කර තිබුනද හදුනාගැනිමට තරම් නොහැකි වු තරමට විකෘතිව ඇති දේහය ුහදුනාගැනිමට ඔහුට ද නොහැකි වි තිබුනේ. තම සොහොයුරිය අවසන් වරට ඇද සිටි ඇදුම ගැන නිනව්වක්ද ඔහුටද නොවුණ නිසා විය හැක.
මෙහි ශෝචනිය සිදුවිම වන්නේ මේ දැරියන් රට වටා තම මව සොයද්දි ඇගේ දේහය තිබුන මෝචරියත් මේ අය පදිංචිව සිටින නිවසත් අතර තිබුනේ  මීටර් 200 කටත් අඩු දුරක් විමයි..