ගෙවල් අස්සට වෙලාම හිටපු අපි එළියට ආවම තරු පෙණුන එළවළු මිළ..

0
94

IMG-20201203-WA0009

( 7.15 am ) මේ වනවිට කොරෝනා වසංගතය විසින් විවිධ දෑ සම්බන්ධව සමාජය තුළ ඇතිකර ඇති වෙනස් කම අපේ ප්‍රධාන ආහාරයක් වූ එලවළු සම්බන්ධවද සාධාරණවූ කරුණක් වී ඇත.

අද අපගේ නිවස අසලටම එලවළු රැගත් වාහන පැමිණේ. ඒනිසා අපහසුවකින් තොරව අපට එදිනෙදා අවශ්‍ය එලවළු ලබාගැනීමේ හැකියාවක් ඇත. මෙය පහසු කටයුත්තක් වන අතර පවතින අවශ්‍යතාව මත විවිධ පුද්ගලයින් එලවළු වෙළඳාම තම ජීවනෝපාය බවට පත්කරගෙන ඇත. එබැවින් නිවෙස් තුළද, පාරේ තොටේද, තැනින් තැන එලවළු විකුණන වෙළෙන්දෝ දැකිය හැකිය. මිල ගණන්ද අදාල තත්වයන්ට අනුව වෙනස් වන බව පෙනේ.
එවැනි වෙළඳපලකින් ගත් බිල මිළ  පහත දැක්ෙවන පරිදි විය
: මේ අනුව…
කැරට් කිලෝව -රු. 240/
බන්ඩක්කා ” රු. 140/
පතෝල – රු. 240/
ගෝව – රු. 120/
පිපිඤ්ඤ – රු. 120/
තලන බටු – රු. 340/
බෝන්චි – රු. 300/
වැටකොළු – රු. 260/
ආදී වශයෙන් මිල ඉහළ අගයකින් යුතුව පැවතින.
නමුත් , එලවළු වගාකරන ගොවියා තමන් වගා කළ එලවළු සඳහා නිසි මිලක් නොමැති නිසා සියදිවි නසා ගන්නා තත්වයට පත්වී ඇත. පාරවල් අසල ගොඩගසා ඇති එලවළු රු. 10/ කට හෝ විකුණා ගැනීමට නොහැකිව ඒවා ගිනි තබා විනාශ කරන අයුරු පසුගිය දිනවල අප රූපවාහිණියේ දැක්කෙමු.
එසේම මේ කිසිවක් කලමණාකරණය කිරීමේ නොහැකියාව අදවනවිට මේ රජය මනාව අපගේ ඇස් ඉදිරිපිටම සනාථ කර ඇත.
සැම්සන් ඥානසිරි