ගෙවුණ පැය 24 තුල ඉතාලියේ කොරෝනා මරණ 168 ක් ! මිය ගිය මුළු ගණන 631ක් ! ආසාදිතයන් 8514 ක් !

0
51

safe_image.phpඉතාලිය සැබැවින්ම ඉතිහාසය තුල දැවැන්ත සෞඛ්‍යමය අර්බුදයට මුහුණ දෙමින් සිටින්නේ මේ දක්වා එය පාලනය කිරිම සදහා මේ දක්වා ගන්නා ලද ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයද ඉතාමත් කණගාටුදායක තත්වයකට පත්ව ඇති පසුබිමකය.
චීනයෙන් ඇරඹි කොරෝනා වෛරසය මේ වන විට බරපතලම තත්වයක් නිර්මාණය කරමින් ඇත්තේ ඉතාලිය තුලය.
එනම් චිනය තුල ගෙවුණ පැය 24 දි මිය ගිය ගණන 17 ක් වෙද්දි ඉතාලියේදි ඒ ගණන 168 ක් දක්වා ඉහල අගයකට ගොස් තිබේ.එය දශ වශයෙන් දහ ගුණයක වැඩිවිමකි.
එමෙන්ම ඊයේ දිනයේ 97 දෙනෙකු මිය යද්දි අද එය විශාල ලෙස වැඩිවෙමින් 168 ක් බවට පත්ව තිබේ.
මෙහිදි අවධානය යොමු කළ යුතු තවත් කරුණක් වන්නේ දැනට ඉතාලිය තුල අසාදිතයන් 8514 ක් සිටිමය.
මේ ආකාරයෙන් පිමි පණිමින් වර්ධනය වෙනන කොරෝනා වෛරසය මේ වන විට ඉතාලිය තුල මිනිස් ජිවිත 631 ක් බිලිගෙන හමාරය.
මේ වර්ධනය වෙමින් ඇත්තේ සැබැවින්ම බියකරු යථාර්ථයකි.ල
මුලාශ්‍රය- www.worldometers.info