ගෙවුණ පැය 24 තුල මාර්ග අනතුරුවලින් 13 කට දිවි අහිමිවෙයි ..

0
193

සමාජ මාධ්‍ය වලද වැඩි අවධානයකට ලක්වු තිබුුනු මරාන්තික රියඅනතුරක්
A-9 මාර්ගයේ පලෙයි, ඉත්තාවිල් ප්‍රදේශයේ දී ඊයේ සිදුව තිබුණි.
මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ලා ගැටිමෙන් මෙම අනතුරුව සිදුව තිබේ.

එම මෝටර් රථයේ ගමන් කළ 38 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් පසුව ටිපර් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර ඔහු සොයා පලෙයි පොලිසිය විසින් විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණි

මේ අතර ගතවූ පැය 24ක කාලය තුලදී සිදුවූ මාරක රිය අනතුරු වලින් පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරමින් අවධාරණය කර සිටියේ රටේ මාරක අනතුරු සිදුවීම දිනෙන් දින ඉහළ යන බවත් රිය පදවන පුද්ගලයින් මෙන්ම පදිකයින් ද මාර්ගයේ ගමන් කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් සහ අවධානයෙන් පසුවිය යුතු බවත්ය