ගොඩනැගිලි ඉදිකිරිම් අනුමත කිරිමේ මිගමුවේ මාෆියාව ගැන හෙළිදරව්වක් ! ( විඩියෝ )

0
71

Bribe-for-Passport-Police-Verification-1024x682

මෙය ඉතා පහසු කටයුත්තක් ලෙස සමහරු හුවා දක්වන නමුත් සාමාන්‍ය සමාජ භාවිතාව වෙනස් එකක් බව අප කව්රුත් ලබා අැති අත්දැකීම් වලින් පැහැදිළි වේ. සමහරු මේ සඳහා අතයට ගනුදෙනු උපයෝගී කර ගන්නා බව ප්‍රසිද්ධ රහසකි.මෙවැනි කරුණු මත මේ ගැන නාගරික මන්ත්‍රී කපිල නන්ද සුලෝචන මහතා ගෙන් මේගැන විමසීමක් කළෙමු .
වර්තමාන නීතියට අනුව වර්ග අඩි 4000ට වැඩි බිල්ඩින් සඳහා පමණක් මීගමු නගරසභාවට අනුමැතිය දිය නොහැකි බවත් , එසේ නොමැතිව අවශ්‍ය ලේඛන තිබේ නම් සතියක් දෙකක් ඇතුලත අදාල නිලධාරීන් විසින් මේ සඳහා අනුමැතිය දිය යුතු බවත් කපිල මන්ත්‍රී වරයා පවසයි .
නමුත් ප්‍රායෝගිකව මෙම තත්වය මීට වඩා වෙනස් එකක් බව අපි කව්රුත් දන්නා කරුණකි . මීගමුව නගරසභාවට ගොස් තමන්ගේ අයදුම්පතට අනුමැතිය ලබාගැනීමට වියදමකුත් කර විශාල කාලයක්ද වැයකර රස්තියාදු වන අයගේ අත්දැකීම් ඕනෑතරම් ඇත . නැවත කපිල මන්ත්‍රී වරයාගෙන් මේ ගැනද විමසූ අතර ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙසේය .සැබැවින්ම අද මිගමුව නගර සභාව තුල ගොඩනැගිලිඉදිකිරිම් අනුමැතිය දිම මෙහෙයවන මාෆියාවක් ක්‍රියාත්මකය.