ගොනෙකු ඇනීම නිසා මරාන්තික තුවාල ලැබු හිමිකරු මියයයි !

0
224
white flag against blue sky clouds fluttering wind white flag against blue sky 128399963

ඊයේ(25) දිවුලපිටිය, කුඩගම්මන සමූපකාරයේ රියදුරු මහතෙකු තමන් විසින් හදාවඩා ගත් ගොනා ඇනීම නිසා මියගොස් ඇත.

මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී අරත්තේ දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ පදිංචි ප්‍රේමචන්ද්‍ර නමැත්තෙකි. 63 හැවිරිදි පුද්ගලයකු වන මොහු තිදරු පියෙකි.

මෙම පුද්ගලයාගේ ඥාතියෙකු ප්‍රකාශ කළේ ගොනා ඔහු විසින් ඇතිදැඩි කළ සතෙකු බවත් ,වෙනදා මෙන් තණකොල කෑම සඳහා වත්තේ සුපුරුදු ලෙස බැඳ දමා තිබියදී සවස නැවත ගොනා නිවසට ගෙනඒමට පැමිණි අවස්ථාවේ මෙකී අනතුර සිදුවූ බවත්ය. පපුව ප්‍රදේශයට එල්ලකර ඇනීම නිසා ඉලඇට කැඩීබිඳී ගොස් ඇත.
අනතුර සිදුවූ වහාම ඔහු දිවුලපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් අනතුරුව මීගමුව රෝහල වෙත රැගෙන එන අතර මගදී මරණයට පත්වූ බව මීගමුව රෝහල් පොලීසිය සඳහන් කරයි.
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here