ගෝඨාගේ තනියට වජිරටත් ඇතුළට යන්නට වෙන ලකුණු !

0
78

පසුගිය මැයි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවිධිමත් ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය සඳහන් නොවන ශ්‍රී ලාංකික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අත්‍යාවශ්‍ය ලේඛන ගණනාවක් වහාම ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇතත් ඔවුන් මෙතක් ඒවා ලබාදීමට ක්‍රියා කර නොමැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති සාවද්‍ය ප්‍රකාශන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් අනුමත කර ඇති බවයි. දැනුවත්වම අමාත්‍යවරයා මෙම නීතිවිරෝධී ක්‍රියාවට දායක වී ඇතැයි මෙතෙක් විමර්ශනවලදී හෙළිවී තිබේ.

image_01f9ed90e1

වජිර අබේවර්ධන අමාත්‍යවරයා මේ වනවිට ගලේ පැහැරූ බළලෙකුගේ තත්වයට පත්ව ඇති අතර සාක්ෂි වසන් කිරීමේ අරමුණින් යුතුව අදාළ ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබීම වළක්වන්නේ අමාත්‍යවරයා විසිනි.

ඒ අනුව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට එරෙහිව නඩු පැවරීමේ හැකියාව පවතින බවයි නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙන්නේ.

 

(www.lankanewsweb.net)