ගෝඨාගේ සිස්ටම් චෙන්ජ් මිගමුවේදි හුලං බහියි ! ලංසා පවුලේ ආශිර්වාදයෙන් අනවසර ඉදිකිරිම් ජයටම !

0
63

WhatsApp Image 2020-01-22 at 18.13.21

දළුපත මෙතෝදිස්ත දේවස්ථානය පසුකල විට හමුවන තුංමන්හන්දියේ ⁣ගලායන ඇලක් අසල ⁣ගොඩනගමින් සිටි නිවසක් පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදී සඳහන් කරමින් අඛණ්ඩව ලිව්වෙමු . පසුව ප්‍රදේශවාසීන් මේගැන විරෝධතාව දැක්වූ අතර ඉන්පසු තාක්ෂණ නිලධාරිණිය තහනමක් ද පනවන ලදී . නමුත් නැවත වැඩ ආරම්භ කෙරුණු අතර දැන් ඒ අනවසර ඉදිකිරිමෙ වැඩ අවසන්ව ඇති සෙයකි.
නමුත් දැනුම් දීම්, විරෝධතා , පෙත්සම් යන මේ සියල්ලක්ම නොතකා හැර මෙම නිවසේ වැඩ අවසන් අදියරට පැමිණ ඇත .
මෙම අනවසර නිවස හැදීම නතර කිරීමට නගරසභාවේ නිලධාරීන්ට නොහැකි වූයේ ඇයි?
අදාල ප්‍රදේශය භාර තාක්ෂණික නිළධාරිණිය වන දිනිති මහත්මියට අනුවද මෙය ඉතා පැහැදිලිවම බරපතල වරදකි. පැහැදැලි නීති කැඩිමකි.
ඇය එසේ කියා සිටින්නේ පළාත් පාලන රෙගුලාසිවලට අනුවය.
තතු එසේ වුවද ඇගේ නිර්දේශයන් පවා බල්ලට දමා දැන් වැඩේ සිදුවෙමින් තිබේ.
රටක නීතිය සමාන විය යුතුය.
ඒ  අනුව රජයේ නිළධාරින්ගේ නියෝගයද නොතකා කටයුතු කරන්නට නම් මේ තැනැත්තාට ලොකු දේශපාලන හයියක් තිබිය යුතුමයත
එසේ නම් ඒ ලංසා පවුලදැයි දළුපත ප්‍රදේශවාසිහු දැන් ප්‍රසිද්ධියේ ම අහන තැනට කටයුතු සිදුව තිබේ.
මේ අදාල නිලධාරීන්ගේ නොහැකියාවද නැත්නම් මේ නිවස අයිතිකරු⁣ගේ හැකියාවදැයි එසේ නැති නම් වෙනත් හේතුවක් දැයි පැහැදිළි නැත .
මේවනවිට මෙම නිවසට ජලය ලබාගැනීමට පාර හරහා කානු කපා ජලයද ලබාගැනීමට කටයුතු සූදානම් කර ඇති අතර අප ජලය බැහැර කිරීමට ඇලට බට දමා ඇත .
මේ තත්වය අනුව නිවස අයිතිකරු නගරසභාවට වඩා බලවත් බව පෙනේ. ප්‍රදේශවාසියෙකු මේ ගැන තාක්ෂණ නිලධාරිණිය විමසූ විට නිවස අයිතිකරුට විරුද්ධව නඩු දමන බව ප්‍රකාශ කර ඇත . මේ අනුව අපට පැහැදිළි වන්නේ මෙවැනි ප්‍රකාශ පවසා ජනතාව නොමඟ යැවීම තුළ මේ අය කටයුතු කරන්නේ ජනතාවගේ අවශ්‍යතාව සඳහා නොව පාලකයාගේ අවශ්‍යතාව සඳහා බවයි.
මින් එකක් පැහැදිලිය. එනම්  බැසිල් රාජපක්ෂගේ අගසව්ලා වන ලංසා පවුල ගෝඨාභයේ සිස්ටම් චෙන්ජ් වලට යටත් නැති බවය. ඔවුන් මිගමුව තුල පරණ සෙල්ලම් සියල්ල දමමින් සිටිති.
වියත් මගේ ආණ්ඩුකාරවරියටද මේවා තහනම් කළ නොහැකි කම් පියවර ගත නොහැකි නම් ගෝඨාභය ජනාධිපතිගේ සිස්ටම් චේන්ජ් මිගමුවේදි නම් තවත් එක් විහිළුවක්ම පමණක් වනු ඇත.