ගෝඨාගෝගමට ආ කලාකරුවන් වචනයක් ….

0
139

ජඩ රාජ්‍යයක් බිහිකර රට මෙම තත්වයට ඇද දැමීමට දායක වූ ඔබලා, ඒ ඔබේ දායකත්වය අමතක කරමින් ⁣ගෝටාගෝගම වෙත පැමිණ අරගලයේ කැපී පෙනෙන චරිත බවට පත්වෙන අයුරු දකින්නට ඇත.

එහෙත්, පසුගිය කාලය පුරා ජනවිඥානය දූෂණය කරමින්, හොරු, තක්කඩියන්, මිනීමරුවන් සහ පාහර පවුලක් බලයට ගෙන ඒම සඳහා නුඹලා කල දෙවල් වල පව් ගෝටාගෝගමට පැමිණීමෙන් පමණක් සෝදා ගතහැකිවේද.

නුඹලාට දූෂණය කරන්නට නොහැකි වූ තරුණ පරම්පරාවක් තවමත් ඉතිරිව ඇති බව ඔතන වටපිට බලන විට නුඹලාට තේරුම් ගත හැක.

නුඹලාට සැබවින්ම පව්කමා කර ගැනීමට උවමනා නම්, දේශපාලන පක්කලි කම් වලින් ලද ධනයන් සහ වරප්‍රසාද හෙලිදරව් කිරීමට සූදානම්ද ?

රාජපක්ෂලා ප්‍රමුඛ හොර නැඩය එළවා දමන්නට නුඹලාගේ කලා භාවිතය යොදන්නට සූදානම්ද ? ඉහත කාරනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න සූදානම්ද ?

(අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here