ගෝඨාට එරෙහි නඩුවත් දිනපතා ඇසීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් තීරණයක්

0
147

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ලවී ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහි නඩුව දෙසැම්බර් 04 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර ඇත.

පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධී විශ්වාසය කඩ කිරීම, කුමන්ත්‍රණය හා ඊට අනුබල දීම ආදී චෝදනා හතක් යටතේ මෙම විත්තිකරුවන්ට අධි චෝදනා ගොනු කර ඇත.මේ නඩුවට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105 ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතරසාක්ෂිකරුවන් 80 දෙනෙකුද  නම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here