ගෝඨාභයට බාල්දියක්: විජේදාස ‌ගෙනා ‌යෝජනා ආණ්ඩුවේ ‌ඒවා නොවේ ලු!!’ -මහින්ද කියයි

0
75
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සං‌ශෝධන යෝජනා ආණ්ඩුවේ ස්ථාවරය ‌නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේබව කියා සිටියේ, ඊයේ (09) දින අරලිය ගහ මන්දිරයේදී පුවත්පත් කර්තෘවරුන් සමග පැවැති සාකච්ජාවේ දීය.

එම මාධ්‍ය හමුවට පැමිණ සිටි කර්තෘවරුන් අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා  ඉදිරිපත් කළ ව්‍යවස්ථා සං‌ශෝධන සම්බන්ධයෙන් කළ විමසීමේදී ඊට සහභාගීව සිටි අමාත්‍යවරුන් කියා සිටියේ, ආණ්ඩුව තුළ එවැනි ස්ථාවරයක් ‌නොමැති බවත්, කඩිමුඩියේ ව්‍යවස්ථා සං‌ශෝධන ඉදිරිපත් කළ ‌නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් මහජනයා තුළ සංවාදයක් ඇති ‌කොට තීන්දු තීරණ ගත යුතු බවත්ය.

19 වැනි ව්‍යවස්ථා සං‌ශෝධනයේ බලතල අහෝසි ‌‌කරමින් රටේ ආරක්ෂාව, සේනාධිනායක සහ ආරක්ෂක අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා මත ස්ථාපිත කිරීම සහ ප්‍රධාන පක්ෂ කුඩා පක්ෂවල අතකොළුවක් වීම නවතාලීම සදහා පසුගිය කාලයේ පැවැති 12.5% ප්‍රතිශතය නැවත ස්ථාපිත කිරීම ඇතුළත් 21 හා 22වන සං‌ශෝධනයන් විජයදාස පාර්ලිමේන්තුවට ඉදිරිපත් ‌කොට තිබිණ.

 

විජේදාස ලවා ‘මුට්ටිය’ දැමීම……

Text 10 1විජේදාසගේ යෝජනාවල මුලික අරමුණ වී තිබුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යළි විධායක බලතල ලබාදීමයි.

ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනසක් සිදුවිය යුතුම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනවාරි 03දා  පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේය.

හෙතෙම එබව සඳහන් කර සිටියේ, අට වැනි පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරමිනි.

”ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකි වුවද, පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ. ජනතා පරමාධිපත්‍යය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථාදායකක් සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුළින්ම විසදාගත යුතුයි” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම ප්‍රකාශය කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙක සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි සංවාදයක් මතුවෙමින් තිබියදීය.

දැනට ක්‍රියාත්මක 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් වැඩි බලයක් ඇත්තේ අගමැතිවරයාටය.

theleader.lk