ගෝඨාභයට සැලියුට් – අධිකරණය නොකවුට් !

0
102

FB_IMG_1572308687996ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුවට සැප්තැම්බර් 27 දා, ගෝඨාභය රාජපක්ෂ යාපනයට යන්නට බෑ කිව්වේ ආරක්ෂක හේතු මත ය.

ආරක්ෂක දත්ත වාර්තාවක් කැදවීමකින් හෝ ගෝඨාභය රාජපක්ෂ මීට පෙර උතුරේ කළ සංචාර පිළිබද විධිමත් නිරීක්ෂණයකින් තොරවම අධිකරණය එය පිළිගත්තේය.

අද (28) ගෝඨාභය රාජපක්ෂ යාපනයට ගියේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වන්නට ය.

ගෝඨාභයට ආරක්ෂක හේතු මත යාපනයට යන්නට බැරි බව අධිකරණයෙන් පිළිගෙන මාසයකුත්, දවස් කිහිපයක් පමණි, ගත වූයේ.

අධිකරණයේ රෙදි ගලවා දැමිණි.

නීතිය සමාන වුවද, එය සමහරුන්ට වැඩියෙන් සමාන බව “තවත් වරක්” තහවුරු කළ ගෝඨාභය රාජපක්ෂට සැලියුට් !

ශාලික විමලසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here