ගෝල්ෆේස් අරගල භූමියට මැදියම් රැයේ හමුදා ප්‍රහාරයක් …

0
131

Galle face Attack 124 1068x601 1ගාලුමුවදොර අරගලයේ නිරතව සිටින අරගලකරුවන් හට අද මැදියම් රැයේ  දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් අරගලකරුවන් රැසක් තුවාල ලබා ඇති අතර, ගෝල්ෆේස් අරගල භූමියේ හා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ තිබූ ඔවුන්ගේ බඩු බාහිරාදිය රැසකට අලාභහානි සිදුව ඇත.

මේ වන විට නීතිඥ නුවන් බෝපගේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වු බව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා විසින්ද සදහන් කර තිබුණි.

පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ලෙස පත්විමෙන් පසු , ජුලි 20 වනදා  පස්වරුවේ හුණුපිටිය ගංඟාරාමයේදී වික්‍රමසිංහ  පැවසුවේ අරගලය යැයි පවසා නීති විරෝධී කටයුතු කරන කිසිවෙකුටත් ඊට ඉඩ නොදෙන බවය.

මේ අතර මේ වන විට ගොල්ෆේස් අරගල භුමියට ඇතුළුවන සියළුම මාර්ග හමුදාව විසින් වසා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here