එහෙත් සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පියවර නොගැනීම පිළිබඳව හා අපරාධකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔබ සමාව ඉල්ලන්නේදැයි ඇය සිය ලිපිය හරහා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
2015 වසරේ පෙබරවාරි මාසයේදී පියාට සාධාරණය ඉටුකර ගැනීම සඳහා වික්‍රමසිංහ මහතා හමු වූ බව සිහිපත් කරන අහිම්සා සිය ලිපියේ සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයා ‘ලසන්තගේ ඝාතනය පිළිබඳ සොයා බැලීමට වඩා ප්‍රමුඛතාවය හිමි වියයුතු කරුණු තිබෙනවා. යුක්තිය ඉටුවිය යුත්තේ ලසන්තට පමණක් නොවෙයි’ යනුවෙන් පැවසූ බවයි.
අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමාව ඉල්ලා සිටින්නේද යනුවෙනි.
lankanewsweb.net