ඝාතනයට පෙර අමානුෂික වද දිලා. මරණ පරික්ෂණයෙන් හෙළිවේ.

0
103

blood-puddle_~k10645525මීගමුව රෝහලේ විකාලංග ඒකකයේ සේවය කළ කම්කරුෙවකුගේ  බිරිද 2013 මැයි 31 වනදා දහවල් නිවසේදි ඝාතනයට ලක්කර තිබිණි. ඒ පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය 2013 ජුනි 01 වනදා සවස් වරුවේ මීගමුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය දයාපාල මහතා විසින් සිදුකර තිබුණි.
එහිදි අනාවරණය වි තිබුනේ ගෙල මිරිකා මේ මරණය සිදුකර ඇති බවය.
ඊට සුළු මොහොතකට පෙර හෝ ඝාතනයෙන් පසුව මේ කාත්තාවගේ යෝනි මාර්ගයට අඩි එකාමාරක පමණ කොහු මිටක් වැනි දෙයක් ඇතුළු කර ඇති බවද එහිදි හෙළි විය.
ඒ නිසා ඇගේ අක්මාව පවා පවා බරපතල ලෙස විනාශ ව තිබුන බවද අධික ලේ වහනයක් මේ නිසා සිදුව ඇති බවද තවදුරටත් හෙළි වි තිබුණි.
මෙසේ අමානුෂික ලෙසින් ඝාතනය කර ඇත්තේ 58 හැවිරිදි එක් දරු මවක වු දිවුලපිටිය පොලිස් වසමට අයත් හුණුමුල්ල ග්‍රාමයේ පදිංචිකාරියකි.
මෙම ඝාතනයේ සැකකරු විශේෂ කාර්ය බලකායේ කාර්මික අංශයේ සේවය කළ අයෙකි.ඔහු දැනට බන්ධනාගාරගත කොට ඇත. මෙම ඝාතනයේ පරික්ෂණ කටයුතු දිවුලපිටිය පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබයි.