ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් ගැන කිසිදු පරික්ෂණ කටයුත්තක් සිදුනොවිම ගැන කණාගාටුයි !

0
52

පසුගිය සමයේ ඝාතනයට ලක්වු 40 කට අධික මාධ්‍යවේදීන් පිරිසක් අතරින් සිංහල මාධ්‍යවේදීන් සිවු දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් පැවතියද අනිකුත් 36 දෙනකුට අධික දෙමළ මාධ්‍යවේදීන් බහුතර සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණ කටයුත්තක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව උතුරේ මහ ඇමැතිවරයා පවසා සිටියේ 2016 වනදා උතුරු පළාත් සභා මහඇමතිවරයාගේ කාර්යලයේදි පැවැති විශේෂ හමුකදිය.
මේ අවස්ථාව සදහා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක,නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව රූපවාහිනි සභාපති නිතිඥ රවි විජේවර්ධන සමගින් මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුවේ නියෝජිතයන්ද යාපනය මාධ්‍ය සමාජයේ ප්‍රධානින් ඇතුළු උතුරේත් දකුණේත් විශාල මාධ්‍යවේදින් පිරිසක් සහභාගිව සිටියහ.

ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි මහ ඇමැතිවරයා අවධාරණය කර සිටියේ එම මාධ්‍යවේදීන් ඝාතනය කළ බවට චෝදනා එල්ල වී සිටින පුද්ගලයන් මෙරට තුළ රැඳී සිටියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම අසාධාරණයක් බවය.

පසුගිය දෙසැම්බර් 10 වනදා නිදහසේ වේදිකාව විසින් සංවි්ධානය කර තිබුණ මානව හිමිකම් දින උත්සවයේදි මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුව විසින් ඝාතනයට ලක්වු උතුරේ සහ දකුෙණ් මාධ්‍යවේදින් 44 දෙනෙකුගේ නාමලේඛනයක් අගැමැතිවරයටෙ භාර දෙමින් ඉල්ලා සිටියේ මෙසේ ඝාතනයට ලක්ව සිටින මාධ්‍යවේදින් හට යුක්තිය ඉටුකරදෙන ලෙසය.