පසුගිය රාජපක්ෂ පාලන සමයේදි ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සුගිර්තරාජන්ගේ 15 වන සැමරුම ජනවාරි 24 වනදා පෙරවරුවේ මඩකලපුවේදි පැවැත්වේ. 2005 වසරේදි ත්‍රිකුණාමලයේදි ඝාතනයට ලක්වු තරුණයන් 5දෙනෙකු පිලිබද සිදුවිමේදි එහි සත්‍ය තත්වය නිර්භවය මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුනේ සුගිර්තරාජන් විසිනි.නැගෙනහිර මාධ්‍යවේදින් සංසදය විසින් මෙම සමරුව සංවිධානය කර තිබේ.