චම්පිකට විදෙස් ගමන් තහනම් !

0
73

patali-champika-ranawaka2016 වසෙර්දී ආන්දෝලනයට තුඩුදුන් සන්දීප් නැමැති තරුණයා රියඅනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලට අදාලව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අද(13) නියෝග කළේය.

එම අනතුර සිදුවන අවස්ථාවෙ එහි රියදුරු ලෙස පෙනී සිටි තුසිත කුමාර නැමැති පුද්ගලයාටද මහේස්ත්‍රාත් අධිකරණය විදෙස්ගත වීම තහනම් කර තිබේ.

2016 වසෙර් මාර්තු මාසයේදී රාජගිරිය ප්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට අයත් ජීප් රථයේ ගැටිම හේතුවෙන් යතුරු පැදියේ ගමන් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා තිබුණි.
එසේ තුවාල ලබා තිබුනේ සන්දිප් ගුණවර්ධන සහ මනුල් අබේසුන්දර යන දෙදෙනාය.මෙම අනතුරෙන් බරපතල තුවාල  ලැබු සන්දිප් ගුණවර්ධන ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට තිබුණි.