චමිලා ඝාතනයේ නියම වැරදිකරුවන් තවමත් මීගමුව රෝහලේ -සුදර්ශන බාලගේ කියයි.

0
86

Chamila case”ගරු උතුමාණෙනී,මම බලාපොරොත්තු වූණා මියගිය චමිලාට සාධාරණයක් ඉටුවන ආකාරයටත් මටත් සාධාරණයක් ඉටුවන ආකාරයට අධීකරණයෙන් තීන්දුවක් ලැබෙයි කියලා. මම මෙතෙක් කල් මට කරපු අපහාස, අපවාද ඉවසගෙන හිටියා. ඒකපාර්ශවීයව  මං වටා  සාක්ෂිගොනු  කරන්ඩ උත්සාහා කරපු  අයත් මේ අධිකරණයට ගෙන ආ යුතුයි. 
චමිලාගේ ඝාතනයට  නියම වැරදිකරුවන් තාමත් මීගමුව රෝහලේ ඇති බව මම විශ්වාස කරනවා. පොලීසිය කියනවා මගේ ඇගිලි සලකුණු තිබුණා කියලා. නමුත් ඒවා සාක්ෂි ලෙස ඉදිරිපත් කෙරුවේ නැහැ.
මම අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ නියම වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙසයි ස්වාමීනී.”
එහත සටහන් වුයේ චමිලා ඝාතනයේ සැකකාර වෛද්‍ය සුදර්ශන බාලගේ හට 2014.09.03 දින මීගමුව මහාධිකරණයේදි මරණ දඩුවම නියම කිරිමට සුළු මොහොතකට කලින් වෛද්‍ය බාලගේ විසින් සිදුකරන ලද ප්‍රකාශයයි.