චමිලා ඝාතනයේ සැකකරු ජුනි 13 දක්වා යළිත් බන්ධනාගාරයට

0
83

 

main5pic12007 වසරේ නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා ඝාතනයට ලක්වු චමිලා දිසානායක මෙනවියගේ නඩුවේ සාක්ෂි විභාගයන් මේ දිනවල මීගමුව මහාධිකරණයේදි සිදුවෙමින් තිබේ.මේ පිළිබදව ඊයේ (2013 මැයි 21)පැවති සාක්ෂි විභාගයෙන් පසු සුපරුදු පරිදි මේ ඝාතන නඩුවේ සැකකරු සිමාවාසික වෛද්‍යවරයෙක් වු සුදර්ශන බාලගේ නැවත ජුනි 13 දි තෙක් බන්ධනගාර ගත කෙරුණි.
මෙම නඩුවේ සාක්ෂි ඇරඹි 2013 මාර්ත 05 වදා සිට මේ සැකකාර වෛද්‍යවරයා බන්ධනාගාරගත කෙරුණි.
ඊට පෙර ඇප මත සිටියදි ඔහු මීගමුව කුරණ ප්‍රදේශයේ මීගමුව බන්ධනාගරයේ ප්‍රධාන වෛද්‍යවරයා වු වෛද්‍ය ඉන්ද්‍රජිත් පානාවැන්න ට අයත් පුද්ගලික බෙහෙත් ශාලාවක සේවය කලේය.
ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපංදි වෛද්‍යවරයෙක් නොවු සුදර්ශන බාලගේ හට රෝගින් ට ප්‍රතිකාර කිරිමට නිතිය බලයක් නැතැයි මාධ්‍ය විසින් හෙළි කිරිම මෙන්ම ප්‍රදේශයේ සිවිල් සංවිධාන අදාල බලධාරින් හට දැනුම් දිමෙන් අනතුරුව සුදර්ශන බාලගේව එම බෙහෙත් ශාලවෙන් ඉවත් කිරිමට වෛද්‍ය පානැවැන්නට සිදුවිය.
එමෙන්ම මීගමුව රෝහලේ වෛද්‍යවරුන් විසින්ද මෙම නිතිවිරෝධි කටයුත්ත පිළිබදව විරෝධය පළ කර තිබුන බවද වාර්තා විය.