චමිලා ඝාතනය සහ කුරණ හොර දොස්තර

0
132

2007.12.06 වන දින අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරැන පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවෙන් හෙළිකර තිබුනේ කොඳු ඇට සහ හිස්කබල කුඩුවි අභ්‍යන්තර ලේ ගැලිම් වලින් චමිලා මරණයට පත්ව තිබුන බවය.ඇගේ ගෙල මිරිකා තිබුන බවද අතරවරයකට ලක්ව තිබුන බවද එහි තවදුරටත් සදහන් විය.

2007.11.12 වන දින චමිලාව මීගමුව රෝහලේ 6 වන මහලෙන් බිමට ඇද දැමිමට පෙර අදාල සැකකාර වෛද්‍යවරයා ඇයව කාඩ් බෝඩ් එකක් මත තබා 6 වන මහලේ බිම දිගේ ඇදගෙන ගිය බව 2007 .11.27 දින මීගමුව මහේස්‍රාත් අධිකරණයේ පැවැති හදුනා ගැනිමේ පෙරෙට්ටුවේදි එම රෝහලේ පිරිසිදු කිරිම් අංශයේ සේවිකාවක වු බියට්්ට්‍රිස් මහත්මිය අදාල සැකකාර වෛද්‍යවරයා වු සුර්ශන් බාලගේව හදුනා ගනිමින් පවසා තිබුණි.

එපමණක් නොව මීගමුවේ රෝහලේ 6 වන මහලේ තිබි ලිංගික උත්තේජනයක් වු ව්‍යාඝ්‍රා පවා හමුවි තිබුන බව පොලිසිය වාර්ථා කර තිබුණි.

උතුරැ මැද එප්පාවල ප්‍රදේශයේ පදිංචි කරැෙවක් වු මේ මිනිමරැම් චෝදනා ලැබ සිටින වෛද්‍යවරයා මීගමුව රෝහලේ සිටියදි ඔහුගේ නොමනා හැසිරිම් පිළිබදව අවස්ථාව කිපයදිම වාර්තා වි තිබුණ අතර අප ඉතා පැහැදිලි ලෙසින් මේ එක් අවස්ථාවක් ගැන අපේ මීපුර පුවත් පතේ මුල් පිටුවේ පුවතකින් ම අනාවරණය කර තිබුණත් කිසිදු වගකිව යුතු නිලධාරිෙයක් ඒ පිළිබදව කිසිදු පියවරක් ගත්තේ නැත.

මේ සියල්ල සිදුවි  අදට වසර 5 ක් ගෙවි අවසන්ය.තවමත් නඩුව අවසන් ව නැති අතර මීලග නඩ වාරය යෙදි ඇත්තේ 2013 ජනවාරි මාසයටය.

අධිකරණයෙන් ඇප ලබා සිටින සුර්ශන බාලගේ දැන් මීගමුවේ කුරණ දුම්රිය පල අසල මංසන්ධියේ පුද්ගලික රෝහලක සේවය කරනු ලබයි. එය අයිතිකරැ වන්නේ වරක් මිගමුව රෝහලේ වෛද්‍යවරයක් ලෙසින් සේවය කළ එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ  සංගමයේ ද නිළධාරියෙක්ව සිටි වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්නටය.දැන් ඔහු මීගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයාය.

සුදර්ශන බාලාෙග් රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් නොවන නිසා ඔහුට වෛද්‍ය ප්‍රතිකාර කිරිමට කිසිදු නිත්‍යාණුකූල බලයක් නොමැත.එහෙත් අද වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්නගේ දොස්තර මුද්‍රාව පාවිචිචි කරමින් වෛද්‍යය වෘත්තියේ නියැලෙයි.

චමිලා ඝාතනය කළ පසු එම මරණයේ චෝදනාවෙන්  සෞඛ්‍ය බලධාරින්ටද කිසිදු ගැලවිමක් නැතැයි අප මීපුර පුවත් පතේ නොවැම්බර් කලාපයේ මුල්පිටු පුවත ලෙසින් අවධාරණය කළෙමු.එයෙ හේතුව වුයේ සුදර්ශන් බාලගේ සිමාවාසික වෛද්‍යවරයෙක්ව මීගමුව රෝහලේ සිටියදි 2007 අගොස්තු මාසයේදි මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක්ව කිසියම් පරික්ෂණයකට යැයි කියා තමන්ගේ කාමරයකට කැදවාගෙන ගොස් ලිංගික අතවරයක් කරන්නට ගිය නිසාය.කෙසේ හෝ මේ බව මේ තරුණිය සිය පෙම්වතාවට දැනුම් දිමෙන් අනතුරුව බලාගේට පෙම්වතාගෙන් ගුටි මුරයක් ලැබුණි. ඒ සියල්ල බලධාරින් නැසු කන්ව සිටියේය.

 

ඉන් වසර 5 ක් ඉක්ම ගිය තැන අප එම බළධාරින්ටම නැවතත් අපේ ඇගිල්ල දිගු කරමින් මෙසේ කියමු.

තරැණියක් දූෂණය කොට ගෙල මිරිකා රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා ඝාතනය කලේ යැයි චෝදනා ලැබ සිටින මේ පුද්ගලයා දැනට  නිතිවිරෝධි කටයුත්තක නියැලි සිටි.

අප මේ සම්බන්ධයෙන් මිට සුළු මොහොතකට කලින් වෛද්‍ය කවුන්සිලියේ රෙජිස්ටාර්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර සිටියේ සුර්ශන බාලගේ මහතාගේ සිමාවාසික කාලය සම්පුර්ණ වි තිබුනත් ඔහු වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි කරන්නට තරම් චරිතවත් අයෙක් නොවිම නිසා එය සිදු කළ නොහැකිව තිබුන බවය.

මෙහිදි මීගමු ව රෝහලේ එක්තරා වෛද්‍යවරයෙක් ඉදිරිපත් වි චරිත සහතිකයන් ලබා දි තිබුනත්  වෛද්‍ය කවුන්සිලිය ඒ ගැන නැවත් ඔබ වගකියන්නේ දැයි විමසු අවස්ථාවේ එය යළිත් ඉල්ලා  අස්කර ගත් බවද සදහන් කලේය.

ඒ ු අනුව දැන් මේ පුද්ගලයා කුරණ  දුම්රිය පළ මංසන්ධියේදි කරනු ලබන්නේ නිතිවිරෝධි ක්‍රියාවක් බව වෛද්‍ය කවුන්සිලයේ රෙජිස්ටාර් වරයා මීපුර වෙබ් අඩවිය පවසා සිටියේය. එපමණක් නොව මේ සම්බන්ධයෙන් වහාම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වරයාටත් පොලිසියටත් පැමිණිලි කල යුතුය ඇතැයිද පවසා සිටි ඒ මහතා .සුර්ශන බාලගේ ගැන පමණක් නොව වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න ටත් එරෙහිව පැමිණිලි කළ යුතු බවද පෙන්වා දුන්නේය.