චමිලා ඝාතනය සහ dr.ඉන්ද්‍රජිත්ගේ SMS මෙහෙයුම..????

0
197

Dr.Balage  signatureමීගමුව රෝහලේ සේවයේ නියුතුව සිටි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ඉහල තනතුරක් දෑරු වෛද්‍ය ඉන්ද්‍රජිත් චමිලාගේ ඝාතනය සම්බන්ධයෙන් සුදර්ශන බාලගේට පසුව වැඩියෙන්ම නම සදහන් වු වෛද්‍යවරයා වෙයි.
එයට හේතුව වි තිබුනේ වෛද්‍යවරයෙකු ලෙසින් රැකිය යුතු වෘත්තිය ආචාරය ධර්ම පාවා දෙමින් ඔහු චමිලා ඝාතනයේ   සැකකරු වු සුදර්ශන බාලගේ වෙනුවෙන් ඉරිපත්ව සිටිමයි.  ඔහු දැන් මීගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයා ලෙස සේවය කරනු ලබයි.
ඔහුගේ ආරෝග්‍යා    පුද්ගලික බෙහෙත් ශාලාෙව්      නිත්‍ය වෛද්‍යරවයා ලෙසින් සුර්ශන බලාගේව   පත්කර තිබුනේ ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි නැති කිසිදු වෛද්‍යවරයෙකුට රෝගින් බේත් දිම තහනම් බව හොදාකාරවම දැන සිටියෙකු ලෙසිනි.
එපමණක් නොව ව්‍යාජ ලියාපදිංචි අංකයක් සුදර්ශන බාලගේ විසින් සිය බේත් තුංඩු වල දි යොදා ගනිද්දි ඒ තුණ්ඩුවේම වම පස කෙළවරේ තමන්ගේ    ලියාපදිංචි අංකය කිසිදු හිරිකිතයකින් තොරව යෙදුවා පමණක් නොව ඔහුගේ නිළ ම්‍ුද්‍රාව සුර්ශන බාලගේට දි තිබුනි.
මේ ආකාර වෛද්‍ය වෘත්තිය සදාචාරය තුල මරාගෙන මැරෙන අන්දමේ  මෙහෙයුමක් වෛද්‍ය ඉන්දුජිත් විසින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ඇයිද යන කුතුහලය මීගමුවේ රෝහල තුල පමණක් නොව මේ නඩුව පිළිබද ූඋනන්දුවක් දක්වන සැමගේ කථා බහට ලක්ව තිබේ.
දැන් අප මේ හෙළි කර සිටින්නට සුදානම් වන්ෙන් වෛද්‍ය ඉන්ද්‍රජිත් විසින් පසුගිය දිනවල සිය දුරකථන අංකය  වු 0714472623  න් මීගමුව රෝහලේ වෛද්‍යවරුන් හට  යවා තිබුණු SMS පණිවිඩයකි.

pls advice all the doctors who are having rooms in the 5 th and 6 th floors to lodge a complain to MS(with a copy to the branch union) if their doors are having defective locks (this is for the safety)thanksමේ

මේ පණිවිඩය හරහා වෛද්‍ය ඉන්ද්‍රජිත් බලාපොරොත්තු වන්නේ කුමක්ද??5 සහ 6 යන තට්ටුවල ඇති වෛද්‍යවරුන්ගේ කාමර වල ඇති අගුල ආරක්ෂිත නැතැයි පවසා ගන්නටය.චමිලාව බිමට ඇද දමන්නේ 6 වන මහලෙනි.
ඉතින් වෛද්‍ය ඉන්ද්‍රජිත්ට එකපාරටම 5 හේ සහ 6 තට්ටුවල ඇති වෛද්‍යවරුන්ගේ කාමර වල  දොර අගුලුවල ආරක්ෂාව පිළිබදව මතක් වි ඇත්තේ ඇයි??
කපටි හිනාවක් දමා ඕනෑම දෙයකින් පැන යන්නට හපනෙකැයි දොස්තර පනා ගැන අනික් වෛද්‍යවරුන්ෙග් මතයයි. එය අපට ද ඊයේ සනාථ වුණි.
මෙම SMS එක පානාවැන්නගේ දුරකථනයෙන්ම ගියේදැයි සැක හැර දැනගැනිමට අප ඔහු ඇමතු අවස්ථාවේ අපට සුපුරුදු අර හිනාවත් සමගින් පවසා තිබුනේ ..”. ආ ඕක පරණ SMS එකක් ”බවය.
එහෙත් වෛද්‍යවරුන් වෙත මෙම පණිඩිඩය ගොස් තවම සතියක් වත් නැත.
ඉතින් අපට අවසන් වශයෙන් අසන්නට ඇත්තේ වෛද්‍ය ඉන්ද්‍රජිත් එන්නේ මොකාටදැයි කියාය.