චමිලා දිසානායක ගේ ඝාතනය සහ වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්න භූමිකාව

0
701

****************************************************************

chamila2007 වසරේ මීගමුව රෝහලේදී ඉන්දික සුදර්ශන බාලගේ නම් ඉන්ටර්න් වෛද්‍යවරයෙකු විසින් චමිලා දිසානායක නම් 23 හැවිරිදි ඇගළුම් සේවිකාවක දුෂණය කැර රෝහලේ හය වැනි මහලෙන් බිමට දමා මරා දැමුවේය. මේ අපරාධය කිරීම නිසා මීගමුව මහාධිකරණ විනිසුරු එච් එම් ඒ ගෆුර් මහතා ඝාතනය පරිවේශනීය සාක්‍ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස්‌ ඔප්පු වූ බව පෙන්වා දෙමින් ඉන්දික සුදර්ශන බාලගේ හට මරණීය දණ්ඩනය නියම කරන ලදි. ඔහුට ස්ත්‍රී දුෂණ චෝදනාවට වසර පහළොවක බරපතල වැඩ සහිත සිරදඩුවම් හා රුපියල් දහදාහක දඩයක් ද මරණය සිදු කිරීමේ චෝදනාවට මරණ දඬුවම ද නියම විය.

මේ වන විට බාලගේ සිටින්නේ සිරගතවය. එහෙත් චමිලාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් නොවිසඳුනු ගැටළු කීපයක් තිබේ. එසේම මේ අපරාධය යට අනාවරණය නොවුනු කරුණු ඇත. චමිලා ගේ ඝාතනය සිදු කල ඉන්දික සුදර්ශන බාලගේ හට එක් පුද්ගලයෙකු දිගින් දිගටම කොන්දේසි විරහිතව සහාය දෙන ලදි. මේ පුද්ගලයා පිලිබඳව මුලින්ම හෙළි කරන්නේ මීපුර වෙබ් පුවත්පතේ කතෘ ෆ්‍රෙඩී ගමගේ මහතා විසිනි. මීපුර වෙබ් පුවත්පත පෙන්වා දෙන අන්දමට බෝගහවත්ත කිරිදිවැල පදිංචි වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්න චූදිත සුදර්ශන බාලගේ හට වෘත්තිය මට්ටමටත් එහා ගොස් වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනිවද උපකාර කොට තිබේ. තමන් ගේ වෘත්තියද අවධානමට හෙලමින් වෛද්‍ය පනාවැන්න ස්ත්‍රී දූෂක ඝාතකයෙකු රැක්කේ මන්ද ?
(රුවන් එම් ජයතුංග මහතාගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි )