”චමිලා බිමට වැටුන තැනට උඩින් ඇත්තේ 33 කාමරයයි.”අධිකරණයේදි හෙළිවේ.

0
40

chami 2

2013 මැයි මාසයේ 21 වන දින චමිලා දිසානායක ඝාතන නඩුවේ තවත් සාක්ෂි විභාගයක් අද මීගමුව මහ අධිකරනයේදී  විනිසුරු එම් එම් ඒ ගෆුර් මහතා ඉදිරියේ දී පැවැත්විණි.
සාක්ෂි දීම සදහා මීගමුව රෝහලේ 2007 වසරේදී කළමනාකාර සහකාරවරියක් ලෙස සේවය කළ එස්. ඒ අයිනි ෆාතිමා (අවු 41) සහභාගී විය.
ඇය මේ වනවිට ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවයේ නිරත ව සිටී.

 මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ලේ පළමු මහලේ සිට 06වන මහල සහ එහි කාමර පිලිබදවත්   එවායේ සිදුවන සෞඛ්‍ය සේවාවන් ගැනත් විස්තර කරනු ලබුෙව් පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී  සිටින රජයේ නීතිඥවරයාගේ විමසිම් හමුවේය.
මෙම ඝාතන නඩුවේ චූදිත වෙද්‍ය සුදර්ශන බාලගේ එවකට සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස නැවතී සිටි කාමර අංක 33 බවට මෙම නිලධාරිණිය ද පිළිගත් අතර අවට කාමර සහ තට්ටු වල අදාල රාජකාරී කටයුතු පිළිබදවද ඇගෙන් ප්‍රශ්න කර ලදී.

06 වන මහලේ 32 වෙනි කාමරය වෙන්කර තිබෙන්නේ දුරකථන ක්‍රියාකාරී අංශය සදහා බවත් 05 වන තට්ටුවේ විශේෂඥ වෛද්‍යවරුන් සදහා වෙන්වූ තිබූ බවත් ඇය පවසන ලදී.
සිද්ධිය වූ දිනට පසුවදා නොවැම්බර් 13 වනදා මීගමුව පොලීසියේ නිලධාරීන් සහ මීගමුව රෝහලේ පරිපාලන නිලධාරීන් සමග තමන් 05 වෙනි තට්ටුව සහ 06 වෙනි තට්ටුව පරීක්ෂා කිරීම සදහා ගිය බවත් ඇය පැවසීය.

06 වන මහලේ දකුණු පැත්ත පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ  සමහර කාමර වල වෛද්‍යවරුන් නැති බවට සලකුණු තිබුණ  බවද ඇය පවස ලද අතර ඒ සලකුනු මොනවාදැයි ද නීතිඥවරයා විමසන ලද අවස්ථාවේ ඇය පැහැදිලි කර සිටියේ  දොරවල් වල මකුණුදැල් බැදී තිබුණු ආකාරය දකින්නට තිබූ බවයි
05 වෙනි තට්ටුවේ කාමර විශේෂඥ වෛද්‍ය නිලධාරින්ගේ  කාමර බවත් 06 වන තට්ටුවේ කොටසක් හෙද නිලධාරීන් සහ වෛද්‍යවරුන් සදහා වෙන්කර තිබූ බව ද ඇය පැවසීය. එ් සියළු කාමර පරීක්ෂාව සදහා ගිය අවස්ථාවේදී කාමර  යතුරු රැගෙන ගියද  33 වන කාමර ඇරීමට නොහැකි වූ බවත් ඇය පවසා සිටියාය.

33 වෙනි කාමරය යතුරු දෙකක් තිබුණා වුවත් ඉන් එකක් අස්තාන ගතවි තිබුන නිසා පසුව කාන්තාවක් පැමිණි ඒ 33 කාමරය හැර දුන් බවද ඇය අධිකරණය හමුවේ පවසා සිටියාය.

ඒ අවස්ථාවෙදී නීතිඥවරයා විසින් එම කාන්තාව මීට පෙර ඔබ දැන සිටියාදැයි විමසා සිටිද්දි නිළධාරිනිය පවසා සිටියේ  මා ඇයව හදුනන්නේ  නැහැ. නමුත් පසුව දැනගත්තා චුදිත වෛද්‍යවරයාගේ බිරිද බව .

මෙම අවස්ථාවේදී  නඩු භාන්ඩ ලෙස ඉදිරිපත් කෙරුන මංගල ජායාරූපයේ සිටි කාන්තාව ඇය බවට මෙම සාක්ෂිකාරිය හදුනා ගන්නා ලදී. මෙම පරීක්ෂාවේදී ඇගේ නිරීක්ෂණ පිළිබදව තවදුරටත් විමසූ අවස්ථාවේදී  6 වන තට්ටුවේ කාමර වලට පිටතින් පිහිටා ඇති කොන්ක්‍රීට් ස්ලැබ් එකට ( පටු කොරිඩෝව) කාමර ඇතුලෙන් හෝ කාමරයේ ජනෙල් වලින් හැරෙන්නට වටෙන් හෝ වෙනයම් ආකාරයකින් යාමේ හැකියාවක් නොමැති බව ඇය ප්‍රකාශ කලාය.එමෙන්ම චමිලා වැටෙන ස්ථානයට කෙලින්ම ඇත්තේ 33 කාමරය බවද ඇය පවසා සිටියාය.
මිට පෙර රොහලෙන් කව්රුන් හෝ බිමට වැටි අැති බව ඔබ දන්නේදැයි විමසා සිටි අවස්ථාවේ ඇය පැවසුවේ නේවාසික ප්‍රතිකාර ලැබු රෝගින් දෙදෙනෙකු  රෝහලෙන් බිමට පැන ඇති බවයි. එහෙත් පිටස්තර කිසිවෙක් රෝහලෙන් බිමට වැටි නැතැයිද ඇය පවසා සිටියාය.

එම පරීක්ෂාවේදී 33වන කාමරයට යාබද කාමරය වු 32 කාමරය ද පරීක්ෂා කළ බවත් එදින එම කාමරයේ සිටියේ කාන්තා නිලධාරිනියක් බවත් කතා කළ විට කාමරය ඇතුලේ සිට පැමිණ දොර හැරදුන් බවත් ඇය පවසන ලදී.
මෙම 06 වන තට්ටුවේ පිහිටා ඇති කාමර ලබාදීමේ පිලිවෙත සම්බන්ධයෙන් නීතිඥවරයා නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින්
මෙම කාමර සීමාවාසික වෛද්‍යවරුන්ට ලබාදිය යුතුයි .එම පත්විම් ලැබෙන අවස්ථාවේදී 6 තට්ටුවේ හිස්ව  තිබෙන කමරයක් ලබාදෙනවා. වෛද්‍යවරුන්ට නිල නිවාස තිබෙනවා ඒ නිවාස වල සිදුවන තාවකාලික නඩත්තු වලදී පමණයි. වෛද්‍යවරුන්ට මෙම කාමර ලබා දෙන්නේ.”
සීමාවාසික වෛද්‍යවරුන් සදහා ලබාදී ඇති කාමර වල වෙනත් පිටස්තර අයට නැවතීම සදහා අවසර නොමැති බවත් සීමාවාසික වෛද්‍යවරුන් සදහා ලබාදෙන කාමර වල ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ නැවතිය නොහැකි බවත් සාක්ෂිකාරිය පිළිතුරු දෙමින් කියා සිටියාය.

මෙම 33 වෙනි කාමරය ලබාදීම සදහා නිර්දේශය කවුරුන් විසින් කරන ලද්දක්ද යන්න විමසූ අවස්ථාවේදී ඇය පවසා සිටියේ එවකට මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ඇන්ටන් තිසේරා මහතා විසින් එය නිර්දේශ කළ බවයි.