‘චිත්‍රාල් ප්‍රනාන්දු‘ පදනමෙන් වෙන්නප්පුව ජනතාවට අවුරුදු තෑග්ගක්

0
477
10250305_655969407809017_698370292973512009_n
නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා විසින් සයිකල් සවාරියට ආරම්භයක් දුන් අවස්ථාව

වයඹ පළාත් සභා  මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන  ‘ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම විසින් වෙන්නප්පුව  ප්‍රදේශවාසීන් වෙනුවෙන්
බක්මහ උළෙලක්  සහ සංගීත සංදර්ශනයක්  අප්‍රේල් 27 වන දින වෙන්නප්පුව සුගත් තිසේරා ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්වුනි.

සයිකල් සවාරිය ඇතුළු ජන ක්‍රීඩා විශාල ප්‍රමාණයකින් සමන්විත වූ උළෙල අවසානයේ සියළුම ජයග්‍රාහකයින් වෙනුවෙන් නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම විසින් වටිනා තෑගි පිරිනමන ලදී. මෙයට අමතරව දිනුම් ඇදීමක් මගින් LCD රෑපවාහිනියක්, මයික්‍රෝවේව් අවන් එකක් සහ ගෑස් කුකරයක් ඇතුළු සැනසිලි තෑගි 10 ක්ද ලබා දීමට කටයුතු කළ අතර පළමු තෑග්ග වෙන්නප්පුව රෙක්ස් ඩයස් මාවතේ පදිංචි මයිකල් වර්ණකුල මහතාටත්, දෙවන තෑග්ග දුම්මලසූරිය මේරියන් මහත්මියටත් හිමිවිය. ක්‍රීඩා උළෙල අවසානයේදී මහවැව ඔරි‍ට් රිදම් සංගීතවත් කළ සංගීත රාත්‍රිය පැවැත්විනි.


more photos >>
https://www.facebook.com/chithralfernandohttps://www.facebook.com/chithralfernando