චීනාගේ අධිවේගි පාර අද ලාංකිකයාට තහනම් වෙයි?

0
84

hig way1මේ රටේ ප්‍රධාන පෙළේ අයෝජනයන් රැසකට අතගසා ඇත්තේ චීන රජය විසිනි. ඇතැමෙක් ලංකාව ගැන කියන්නේ එය චීනයේ කොළණියක් බවය.
මේ බැව් අද අපට නැවත වරක් විමසා බැලිය හැක්කේ චීන ජනපති ගේ ලංකා ගමනට ශ්‍රි ලංකා රජය දක්වන්නට නියමිත ඉහල අනුග්‍රහය සහ රාජ්‍ය මාධ්‍ය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ආකාරය අනුවය.
එවිට ඔබ ජිවත්වන්නේ ඇත්තටම චීන කොළණියක බවත් ඔබගේ ඇත්ත ජනාධිපතිවරයා අද දවල් 11 ට ලංකාවට සැපත්වන බවත් තේරුම්ගැනිමට ඔබට පහසු වෙනු ඇත.
කෙසේ වෙතත් චීනරජයට අයත් කොළඹ කටුනායක අධිවේගි මාර්ගය අද උදේ 10.30 සිට ප.ව 1 දක්වා වසා ඇතැයි මාධ්‍ය විසින් වාර්ථා කර තිබේ.
ඒ අද පෙ.ව 11 ට පැමිණිමට නියමිත චීන ජනාධිපතිවරයාගේ ගමන් පහසුව සලසා දිම සදහාය.
අධිවේගි මාර්ගය භාවිතා කරන සියළු වාහන සාමාන්‍යයෙන් විනාඩි 15 කින් ඒ ගමන නිමකරනු ඇත.රාජ්‍ය නායකයෙකු ඒ මග යොදාගන්නේ නම් පවනට බදු වාහන ඒ සුපිරි ඇත්තන්ව මේ මගේ විනාඩි 5 කින් කොළඹටම රැගෙන යනු ඇත.
එහෙත් අද දින අධිවේගි මග පැය දෙකාමාරක් වසා දැමිමට රජය තින්දු කර තිබේ.
ඒ ඇයි ?