”චීනා”හමුවේ බොඳව යන ලාංකිකයාගේ ඉතාලි සිහිනය……

0
77

ශ්‍රි ලාංකික සංක්‍රමණිකයන්ගේ සිහිනයේ තරම ගැන එදා අපට කි කදිම චිත්‍රපටයක් වුයේ මචංය.
සියල්ල විකුණා හෝ ඉතාලි පැනගතහොත් පරම්පරාවම  ගොඩ යැයි බොහෝ දෙනා එදා සිතුහ.
අදත් එසේ සිතන්නෝ වෙති.
ඒ මොන විදියකින් හෝ ඉතාලි පනින්න සිතා සිටින්නන්ය.
මේ සිහිනයට කෙළවි ඇති අන්දම අද ඇත්තටම දන්නේ ඉතාලියේ වෙසෙන අය පමණි.
විශේෂයෙන්ම ඉතාලියේ සුළු පරිමාන කර්මාන්ත ශාලාවල සේවය කරන ශ්‍රිලාංකික කම්කරුවන් මේ අර්බුදයට මුහුණ දි සිටිති.
මෙයට ප්‍රධාන හේතුව වි අතැයි ඔවුන් පවසන්නේ චින නිෂ්පාදකයන් විසින් නිපයන විවිධ අමතර කොටස් අද අඩුමිළකට ලෝක වෙළද පොළට මුදාහැරිමයි. මේ නිසා මෙතෙක් ගුණත්වය ගැන සිතා ඉතාලිය වැනි යුරෝපා නගරයන්ගේ නිෂ්පාදකයන්ගේ මේ අමතර කොටස් ලබාගත් අය ට ඒවා අද මිළ අධික වි ඇත.මේ නිසා ගුණත්වය දෙවනුවට තබා අද ඉල්ලුම්කරුවන් මිළ අඩු චීන නිෂ්පාදනයන් වෙත මාරුවෙමින් සිටිති.
චීන අයෝජකයන් එසේ ජාත්‍යන්තර වෙළඳ පොල එසේ සිය අණසක වෙත නතු කරගනිද්දි ඉතාලියේ ඇතැම් නගරවල BAR  යනුවෙන් හැදින්වෙන coffee shops සියල්ලේ හිමිකාරිත්වය ද චින ජාතිකයන්ගේ අතට පත්ව ඇත.
මේ පිළිබදව අපට අදහස් දක්වා සිටි බ්‍රේෂියා නගරයේ වෙසෙන ශ්‍රි ලාංකිකයෙකු කියා සිටියේ ඒ නගරයේ නම් දැන් ඉතාලි ජාතිකයන්ට හිමි එකදු බාර් එකක් නැති බවය.
මේ තත්වය හමුවේ අද ඇතැම් ශ්‍රි ලාංකික කම්කරුවන් බරපතල අනාගත අවිනිශ්චිතභාවයකට පත්වෙමින් සිටිති.ඇතමෙක් නිවාස තැනිම සදහා සහ වාහන මිළට ගෙන ඇත්ෙත් ඉතාලියේ බැංකුවලින් ණය ගෙනය. තවත් සමහරෙක්  ලංකාවේ ඇති ස්ථිර තැන් පත් ගිණුම් වලින් ද ණය ලබාගෙන ඇත.
විශේෂයෙන්ම ඉතාලියේ පිරිමියෙකුට රැකියාවක් අහිමිවනවා යනු අනාගතය අහිමිව යනවා තරම් අවදානමක් වන්නේ රැකියා සෙවිල්ල එතරම්ම ගැටළුකාරි වි තිබිම හේතුවෙනි.